පොල් ගෙඩි ගන්න එපා. පැකට් කළ පොල් කිරි නිශ්පාදන ගන්න - පොල් සංවර්ධන අධිකාරිය Featured

Published in පුවත්
Tuesday, 05 November 2024 10:22

ටින්වල සහ පැකට්වල අසුරා අලෙවි කරන නැවුම් දියර පොල් කිරි, පිටි කළ පොල් කිරි, පොල් කැබලි ආදිය වැඩි වැඩියෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයන් උනන්දු විය යුතු බව පොල් සංවර්ධන අධිකාරිය (CDA) පවසයි. වත්මන් පොල් හිඟයට විසඳුමක් ලෙස මෙය යෝජනා කර ඇත.

සන්ඩේ ටයිම් පුවත් පතට CDA සභාපති ශාන්ත රණතුංග මහතා පැවසි ඇත්තේ පොල් පරිභෝජනයෙන් සියයට 60කට වැඩි ප්‍රමාණයක් ගෘහස්ථව පරිභෝජනය කරන බවත්, එම ගෘහනියන් ගාගත් පොල් බ්ලෙන්ඩරයක ආධාරයෙන් පොල් කිරි බවට පත් කර ගැනීමෙන් අහක යන ප්‍රමාණය අවම කර ගැනීමෙන් වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි බවය.

එමෙන්ම කර්මාන්තශාලා මගින් නිෂ්පාදනය කරන පොල් කිරි සහ කුඩු භාවිතයට පාරිභෝගිකයන් දිරිමත් කරන බවත් ඔහු පවසන අතර පොල් කිරි පිටි සහ ක්‍රීම් වැනි වෙළෙඳපොළේ ඇති පොල් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය දිරිමත් කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඉදිරි සතියේ සැලසුම් කර ඇති බවත් පවසයි.

මේ අතර පොල් ආශ්‍රිත නිශ්පාදන වෙනුවෙන් පොල් මද විදේශයන්ගෙන් ආනයනය කිරීමට අවශ්‍යය පියවර ගනිමින් සිටින බවත් පෙන්වා දී තිබිණි. පොල් ආශ්‍රිත නිශ්පාදකයන් පොල් මාෆියාවක් ක්‍රියාත්මක කරන බවත් එම මාෆියාව අවසන් කිරීම පොල් මද ආනයනයෙන් පසුව සිදු වන බවත් වැඩි දුරටත් පෙන්වා දී තිබිණි.

-p.m

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us