ගිනි අවි ලයිසන් ලැබෙන්නේ අවි පුහුණුවකින් පස්සේ

Published in පුවත්
Thursday, 07 November 2024 09:23

බලපත්‍ර සහිත ගිනි අවි නිකුත් කිරීම පූර්ණ අධ්‍යයනයකින් හා විමර්ශනයකින් පසුව සිදුකරන බව මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් පැවසීය.

ආරක්ෂක අමාත්‍යාංශයේ දැනුම් දීම මත අද (07 වැනිදා) වනවිට සියලුම බලපත්‍ර සහිත ගිනි අවි බාර දිය යුතු බවත් මේ සියල්ල බාරගැනීමෙන් පසු ආරක්ෂක අමාත්‍යංශයෙන් වාර්තාවක් ලබාගන්නා බවත් ඇමැතිවරයා කීවේය.

පසුගිය කාලයේදී ලබාදී ඇති එම ගිනි අවි වැරදි අන්දමින් පරිහරණය කර ඇති බවත් ඇතැම් ගිනි අවි පාතාලයට ද ලබාදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවත් ඇමැතිවරයා කීවේය.

එසේම පසුගියදා වෙඩි තබාගනිමින් සියදිවි නසාගත් හිටපු රාජ්‍ය ඇමැතිවරයාගේ ලේකම්වරයා ද බලපත්‍ර සහිත ගිනි අවියකින් වෙඩි තබාගෙන ඇති බවත් එම ගිනි අවිය බලපත්‍ර සහිතව ලබාදී ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදී බවත් කී ඇමැතිවරයා එවන් අන්දමින් ගිනි අවි ලබාදී ඇති ආකාරය ගැන පුළුල් විමර්ශනය කෙරෙන බවද හෙතෙම කීවේය.මෙලෙස බලපත්‍ර සහිත ගිනි අවි ලබාදීමේදී අවි පුහුණුවක් ලබා නොදීම සම්බන්ධයෙන් කළ විමසීමේදී ඇමැතිවරයා කියා සිටියේ බලපත්‍ර කොන්දේසිවලට අනුව අවි පුහුණුවද ලබාදීමක් සිදුවන බව කියා සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් කළ විමසීමේදී කියා සිටියේ මෙපමණ කාලයක් බලපත්‍ර සහිත ගිනි අවි ලබාදුන්නේ අවි පුහුණුවකින් තොරව බවය.මේ වනවිට ආරක්ෂක අමාත්‍යංශයට බාරදී ඇති ගිනි අවි අතරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ගිනි අවි හතක් ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු ගිනි අවි නවයක් ද බාර දී තිබෙන බව මාධ්‍ය හමුවේදී අනාවරණය විණි.

මේ අතර ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.

ඒ අනුව එම ගිනිඅවි නොවැම්බර් මස 21 වන දිනට ප්‍රථම භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

ගිනිඅවි යළි භාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසින් මාසයක කාලයක් ලබාදුන් අතර එම කාලය අදින් අවසන් වීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් ඉදිරිපත්ව ඇති කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.

ජීවිත ආරක්ෂාව සඳහා බලපත්‍ර සහිතව ලබා දී ඇති ගිනිඅවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව ගිනිඅවි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය දැනුම්දුන්නේය.

නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ගබඩාව වෙත එම ගිනිඅවි ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දුන්නේය.

කෙසේවෙතත් මේ වන විට විශාල පිරිසක් ගිනිඅවි යළි භාරදීමට පියවර ගෙන තිබේ.

මේ දක්වාත් ගිනිඅවි ලබානොදුන් පිරිස් සඳහා එම ගිනිඅවි යළි ලබාදීමට මෙලෙස කාලය දිර්ඝ කිරීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

-p.m

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us