ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත ඩොලර් මිලියන 6,467 ක් දක්වා වර්ධනය වෙයි.

Published in පුවත්
Thursday, 07 November 2024 17:47

2024 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් හි කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ.

එහිදී 2024 සැප්තැම්බර් මාසයෙ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,994 ක් ලෙසින් වාර්තා වී තිබූ නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,467 ක් දක්වා වර්ධනය වී ඇත.

මෙය 7.9% ක කැපී පෙනෙන ඉහළ යාමකි.

නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය, පසුගිය ඔක්තෝබර් මාසයේ දී ඩොලර් මිලියන 6,383 ක් දක්වා 7.3%කින් ඉහළ ගොස් තිබේ.

2024 සැප්තැම්බර් මාසයේ දී මෙම අගය වාර්තා වී තිබුණේ ඩොලර් මිලියන 5,949 ක් ලෙසිනි.

මේ අතර මහ බැංකුවේ රන් සංචිතය ද පසුගිය ඔක්තෝබර් මාසය තුළ ඩොලර් මිලියන 42ක් දක්වා 5.8% කින් වැඩී වී තිබේ.

මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිත කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

මෙලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 6 ඉක්මවූ අගයක් වාර්තා වී ඇත්තේ 2020 සැප්තැම්බර් මාසයෙන් පසුව වීම විශේෂත්වයකි.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us