ෆාමසි 5000 ක බලපත්‍ර ප්‍රතික්ෂේප කිරීමෙන් ෆාමසි රැසක් වැසීයෑමේ අවධානමක්

Published in පුවත්
Friday, 08 November 2024 08:29

දිවයින පුරා පිහිටි ෆාමසි 5000 ක වාර්ෂික බලපත්‍ර අලුත් කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කළ ඉල්ලුම්පත් රැසක් ප්‍රධාන විධායක නිලධාරිවරයා ප්‍රතික්ෂේප කිරීම නිසා ජනවාරි මාසය වන විට ෆාමසි රැසක් වැසීයෑමේ අවධානමක් මතුව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමය අනතුරු අඟවයි.

රජයේ රෝහල්, පෞද්ගලික ෆාමසිවලට ඖෂධවේදීන් දසදහසක් පමණ අවශ්‍ය වුවත් දැනට දිවයින පුරා සිටින්නේ ඖෂධවේදීන් හයදහසක් පමණ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. ෆාමසි හිමිකරුවන් ඖෂධවේදියකු සමග සිය ලියාපදිංචිය කර පුහුණුවන ඖෂධවේදීන් ද සමග ෆාමසි මගින් සිය සේවාව ලබාදෙයි. එහෙත් වාර්ෂික බලපත්‍ර අලුත් කිරීමේදී ඖෂධවේදීන් නොමැති බව ප්‍රකාශ කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය හදිසි තීරණයක් ගෙන අයැදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට පටන්ගෙන ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද ‘අරුණ’ට පැවැසුවේය.

 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත හඳුන්වා දීමෙන් පසු ඖෂධවේදීන් හිඟ වුවත් අවශ්‍යතාව සපුරාගන්නාතුරු බලපත්‍ර අලුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීන්දුවක් ගෙන තිබිණි. මේ අතර ඉදිරියේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් ෆාමසි පරීක්ෂා කිරීම හෝ බලපත්‍ර නිර්දේශ කිරීම සඳහා වූ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඔක්තෝබර් මස 10 වන දින තීන්දුවක් ගෙන තිබේ. එම තීන්දුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය එස්. එම්. ආනල්ඩ් විසින් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීන්දුවට විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීන්දු කර තිබේ. එම සංගමය පෙන්වා දෙන්නේ ෆාමසි බලපත්‍ර මෙතෙක් සාමාන්‍ය පරිදි දුන් අතර එම ක්‍රියාවලිය බරපතළ අර්බුදයකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බවයි. බලපත්‍ර මෙතෙක් නිර්දේශ කිරීමේ බලය තිබුණේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ටය.

-p.m

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us