හදි­සි­යේම කෝටි­ප­ති­යන් බවට පත් වූ සංගීත කණ්ඩා­ය­මක තිදෙ­නකු අත්අ­ඩං­ගු­වට  

Published in පුවත්
Saturday, 09 November 2024 10:49

හදි­සි­යේම කෝටි­ප­ති­යන් බවට පත් වූ සංගීත කණ්ඩා­ය­මක තිදෙ­නකු යාප­නයේ කෝපායි පොලි­සිය විසින් 7 දා අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

පසු­ගිය වස­රේදී ගායික ගායි­කා­වන් තුන් දෙනකු එකතු වී සංගීත කණ්ඩා­ය­මක් පිහි­ටුවා ගෙන ඇති අතර ඔවුන්ගේ බැංකු ගිණු­ම්ව­ලට රුපි­යල් කෝටි ගණ­නින් මුදල් බැර වන බව වවු­නි­යාව පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රීන්ට නිරී­ක්ෂ­ණය වී තිබේ.

වවු­නි­යාව පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශය වෙනත් පැමි­ණි­ල්ලක් මත පරී­ක්ෂණ සිදු­ක­ර­ගෙන යාමේදී මේ ගායක ගායි­කා­වන් තුන් දෙනාට රුපි­යල් කෝටි ගණ­නින් මුදල් ලැබෙන බව පෙනී ගොස් තිබේ. ගායක ගායි­කා­වන් තුන් දෙනා­ගෙන් එක් අයකු වවු­නි­යා­වේද, දෙදෙ­නකු යාප­න­යේද නිසා වවු­නි­යාව පොලි­සිය මේ සම්බ­න්ධ­යෙන් කෝපායි පොලි­සිය දැනු­වත් කර ඇත. පොලි­සිය විසින් සිදු කරනු ලැබූ පරී­ක්ෂ­ණ­ව­ලදී මේ ගායක ගායි­කා­වන් තිදෙනා ඉතාම කෙටි කාල­ය­කදී කෝටි­ප­ති­යන් බවට පත්ව ඇති බවට හඳුනා ගැනීම හේතු­වෙන් මේ සම්බ­න්ධ­යෙන් ප්‍රශ්න කිරී­මට ඔවුන්ව අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

සැක­කාර ගායක ගායි­කා­වන් තිදෙ­නා­ගෙන් කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී ඔවුන්ගේ බැංකු ගිණු­ම්ව­ලට මුදල් බැර කොට ඇත්තේ කවර හේතූන් මතද යන්න හෝ මුදල් බැර කළ පුද්ග­ල­යින් පිළි­බ­ඳව සම්පූර්ණ විස්ත­ර­යක් ප්‍රකාශ කිරී­මට ඔවුන් අපො­හො­සත් වී ඇත.

මේ හේතු­වෙන් යාප­නය අධි­ක­ර­ණ­යෙන් ලබා ගත් රැඳ­වුම් නියෝ­ග­යක් මත ඔවුන් තිදෙනා රඳවා ගෙන ප්‍රශ්න කරන බව පොලි­සිය කියයි.

 

 

dinamina

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us