පොලිසිය සීරුවෙන් -පශ්චාත් මැතිවරණ කාලසීමාව සතියක්

Published in පුවත්
Saturday, 16 November 2024 07:51

මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කළ දිනයේ සිට සතියක කාලයක් පශ්චාත් මැතිවරණ කාලසීමාව ක්‍රියාත්මක බව පොලීසිය දැනුම්දෙයි.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ පශ්චාත් මැතිවරණ කාලය තුළ රට පුරා පොලීසිය සීරුවෙන් තබා ඇති බවය.

"දැන් ආරම්භ වෙන්නේ පශ්චාත් මැතිවරණ කාලසීමාව. සතියක කාලයක් තුළ කිසිදු ආකාරයක පොදු ස්ථානවල රැස්වීම් පැවැත්වීම, පෙළපාලි යෑම ආදිය සිදුකරන්න බැහැ. ඒ නිසා මේ කාලසීමාව තුළ සම්පූර්ණයෙන්ම පොලීසිය සීරුවෙන් තබා තිබෙනවා. තවදුරටත් දිවයින පුරාම ජංගම සංචාරවල යෙදීමෙන් අවශ්‍ය ආරක්ෂාව ලබාදෙමින් කටයුතු කරනවා. බුද්ධි නිලධාරීන් රාජකාරී කටයුතුවල යෙදී සිටිනවා. විශේෂයෙන් හඳුනාගත් පොලිස් වසම් තුළ විශේෂ ආරක්ෂාවක් සපයනවා."

පූර්ව මැතිවරණ කාලසීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 581ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

"කිසිම ප්‍රදේශයකින් ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වුණේ නැහැ. මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් 581 අතර අපේක්ෂකයන් 18 දෙනෙක් සිටිනවා. අනෙක් පිරිස ආධාරකරුවන්."

-p.m

 

 

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us