ශ්‍රී ලංකන් ගුවන් යානා කිහිපයක දෝෂ - ගුවන් ගමන් රැසක් අවලංගුයි

Published in පුවත්
Monday, 18 November 2024 07:57

කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ශ්‍රීලන්කන් ගුවන් යානා කිහිපයක ඇති වු තාක්ෂණික දෝෂ හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබේ.‍

ගුවන් යානා 3ක් තාක්ෂණික දෝෂවලට ලක්වීම නිසා, ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති අතර තවත් ගුවන් ගමන් වාර කිහිපයක් ප්‍රමාදවීම්වලට ලක් වී ඇති බව ශ්‍රීලන්කන් ගුවන් සේවා ප්‍රකාශකවරයෙකු පැවසුවේය.

සෑම ගුවන් යානයක්ම තම ගුවන් ගමන නිමා කිරීමෙන් පසු තාක්ෂණික ඇගයීම් පරීක්ෂා කිරීමකට ලක්කෙරෙන අතර, එහිදී ඇතැම් ගුවන් යානාවල සිදුකළ යුතු අත්‍යාවශ්‍ය තාක්ෂණික නඩත්තු කිරීම් සඳහා තරමක කාලයක් ගත වන බවත්, ඒ අනුව මෙම ගුවන් යානා 3 එම තාක්ෂණික නඩත්තු කටයුතු සඳහා යොමු කර ඇති බව ද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ හේතුවෙන් ඊයේ (17) රාත්‍රී 06.35ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට නියමිත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 123 දරන ගුවන් ගමන සහ යළිත් රාත්‍රී 10.15ට චෙන්නායි සිට කටුනායක වෙත පැමිණීමට නියමිත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 124 ගුවන් ගමන අවලංගු කර ඇති බව සඳහන්ය.

මීට අමතරව රාත්‍රී 10.10ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 196 දරන ගුවන් ගමන සහ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට රාත්‍රී 10.20ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් ගමන ද අවලංගු කර තිබේ.

මේ පිළිබඳ ශ්‍රීලන්කන් ගුවන් සේවය, මෙම ගුවන් යානාවලින් ගමන් පහසුකම් සලසා ගන්නා මගීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, කඩිනමින් මෙම ගුවන් ගමන්වල නිරත වීමට අවශ්‍ය ගුවන් මගීන්, වෙනත් විකල්ප ගුවන් යානා මඟින්, එම ගමනාන්තයන් වෙත යොමු කිරීමට ද ශ්‍රීලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබුණි.

-p.m

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us