රවී නම් කිරීම අනුමැතියකින්‌ තොරව කළ අත්තනෝමතික වැඩක්ලු  

Published in පුවත්
Monday, 18 November 2024 15:09

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ වල කිසිදු අනුමැතියකින්‌ තොරව අත්නෝමතික ආකාරයකට බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක හිටපු ජනාධිපති රනිල්‌ වික්‍රමසිංහ මහතා එම පෙරමුණේ නියෝජිතයන්ට දැනුම්‌ දී ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන්‌ තීරණයක්‌ ගැනීම සඳහා එම පෙරමුණේ සියලු පක්ෂ හෙට (19) පෙරවරුවේ කොළඹ දී රැස්වී තීරණයක්‌ ගැනීමට නියමිතව සිටි බව කියා ඇති හිටපු ජනාධිපතිවරයා එම තීරණය ගැනීමට පෙර පක්ෂයේ ලේකම්වරිය අත්තනෝමතිකව ක්‍රියා කර තිබෙන බව සඳහන්‌ කළේය.

රවී කරුණානායක මහතා එක්සත්‌ ජාතික පක්ෂ සාමාජිකයෙක්‌ වන අතර සාමූහික තීරණයකින්‌ තොරව කටයුතු කිරීමට හැකියාවක්‌ නොමැති බවද රනිල්‌ වික්‍රමසිංහ මහතා සඳහන්‌ කර තිබේ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සියලු පක්ෂවල නියෝජිතයන්‌ රැස්වී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන්‌ විධිමත්‌ තීරණයක්‌ ගැනීමට නියමිතව තිබියදී මෙලෙස අත්තනෝමතිකව කටයුතු කිරීම අනුමත 'කළ නොහැකි යැයි ද හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත්‌ සඳහන්‌ කර ඇත.

 

lankadeepa

Last modified on Monday, 18 November 2024 16:17

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us