ගංවතුර අනතුරු ඇඟවීම් කිහිපයක්.. පරිස්සම් වෙන්න Featured

Published in පුවත්
Sunday, 24 November 2024 15:52

බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයත්, ඉදිරි දින කිහිපය තුළ එහි සිදුවිය හැකි වර්ධනයත් හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංඟා ද්‍රෝණි 12ක් නම් කරමින් අද (24) පූර්ව ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කළේය.

කාලගුණ අංශ මේ වනවිට පුරෝකථන කර ඇති අනතුරු ඇඟවීම් අනුව දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත් තුළ අධික වර්ෂාපතනයක් ඇතිවිය හැකිය.

එම තත්ත්වය සහ එම ප්‍රදේශවල ජලාශ සහ ගංඟාවන්හි හැසිරීම් රටාව හා පසුගිය අත්දැකීම් අනුව හෙට (25) සිට එළැඹෙන 28 දක්වා වූ කාලය තුළ පහතින් නම්කර ඇති ගංගා ද්‍රෝණිවලට යම් ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් එම ගංගා ද්‍රෝණිවල ගංවතුර නිම්නවල පදිංචි මහජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන ජනතාවගෙන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි ගංඟා ද්‍රෝණි

1. මල්වතු ඔය ද්‍රෝණිය
2. කලා ඔය ද්‍රෝණිය
3. කනගරායන් ආරු ද්‍රෝණිය
4. පරංගි ආරු ද්‍රෝණිය
5. මා ඔය ද්‍රෝණිය
6. යාන් ඔය ද්‍රෝණිය
7. මහවැලි ගඟ ද්‍රෝණිය
8. මාදුරු ඔය ද්‍රෝණිය
9. මුන්දෙනිආරු ද්‍රෝණිය
10. ගල්ඔය ද්‍රෝණිය
11, හැඩඔය ද්‍රෝණිය
12. විල ඔය ද්‍රෝණිය

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිල්වලා ගඟේ ජල මට්ටම තලගහගොඩ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇත.

කෙසේවෙතත් පානදුගම ප්‍රදේශයේ වර්ධනය වෙමින් තිබූ සුළු ගංවතුර මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us