ලබන වසර මුලම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානමක්

Published in පුවත්
Monday, 02 December 2024 09:56

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නිවේදනය නිකුත් කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් අනතුරුව සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

මීට අදාළ නිවේදනය නිකුත් කළහොත් විභාගය අතරතුර අපේක්ෂකයින් සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එය විභාගයට බාධාවක් වන බැවින් විභාගය අවසන් වනතුරු මැතිවරණය සම්බන්ධයෙන් වන නිවේදනය නිකුත් නොකිරීමට තීරණය කර තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විභාගය පැවැත්වීම ද දින කිහිපයකට කල් දැමුණු අතර එම කටයුතු මෙම සතියේ දී යළි ආරම්භ වීමට නියමිතය.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ ව විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (03) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය. මෙහිදී පළාත් පාලන මැතිවරණය කැඳවීමට අදාළ නාමයෝජනා යළි කැඳවීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිතව තිබේ.

දැනට නාමයෝජනා ලබා දී ඇති අපේක්ෂකයින්ගේ පක්ෂ මාරුවීම, ඇතැම් පුද්ගලයින් විදෙස්ගත වීම, තවත් පිරිසක් දේශපාලනයෙන් ඉවත්වීමත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වීම ආදිය හේතුවෙන් පළාත් පාලන මැතිවරණය සඳහා මීට පෙර ඉදිරිපත් කර තිබු නාමයෝජනා අවලංගු කර අලුතෙන් නාමයෝජනා කැඳවීමට දේශපාලන පක්ෂ තීරණය කර ඇති බව ද සඳහන්ය.

 

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us