ගාලු වරාය සංවර්ධනය කිරීමට මහජන අදහස් විමසයි

Published in පුවත්
Tuesday, 03 December 2024 13:13

යෝජිත ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකරන මුහුදු ගොඩකිරීම් පිළිබඳ පරිපූරක පාරිසරික බලපෑම් ඇගයීමේ වාර්තාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ආරම්භ කර තිබේ.

මාසයක කාලයක් මෙම අදහස් දැක්වීමට අවස්ථාව හිමිවෙන අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් එම වාර්තාව ලබාගැනීමට හැකියාව පවතී.

මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගාල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගාල්ල මහ නගර සභාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උණවටුන කාර්යාලයේ එම වාර්තාව මේ වනවිට ප්‍රදර්ශනය කර ඇත.

එම මහජන අදහස්, ලිඛිතව ඉදිරිපත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දී ඇත.

ගාල්ල වරාය වාණිජ සහ සංචාරක වරායක් ලෙස, සංවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු මීට වසර දෙකකට පමණ පෙර මූලික සාකච්ඡාවක් වශයෙන් ආරම්භ විය.

මේ සම්බන්ධව ,වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මේ සදහා මූලිකව මෙම ව්‍යාපෘතිය පිළිබඳ පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාව (EIA) අනුමත කිරීමත් සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) සැළසුම් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතියට අනූව ,වෙළඳාම් සංවර්ධනය, මගී යාත්‍රා නැව් නැංගුරම් ලෑම, සුපිරි යාත්‍රා, කුඩා බෝට්ටු සහ ජල ක්‍රීඩා සහ විනෝදාස්වාද ක්‍රියාකාරකම් රාශියක් ඇතුළත් වන අතර, එය දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා අංගසම්පූර්ණ ප්‍රධාන ආකර්ෂණයක් සහිත නගරයක් බවට පත්කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය යටතේ ගාල්ල වරාය සංවර්ධනය වැදගත් අධියරකි.

වෙරළාසන්න දිය කඩන ඉදිකිරීම, තවත් යටිතල පහසුකම් ව්‍යාපෘතියකි. නවීන නෞකා පර්යන්තයක්ද ඉදිකිරීමට නියමිතය. ඍජු හා වක්‍ර රැකියා රැසක් මේ යටතේ නිර්මාණය වෙයි. ගාල්ල ආර්ථික කේන්ද්‍රයක් මෙන්ම, සංචාරක කේන්ද්‍රයක් ලෙස ඉදිරියේ සංවර්ධනය කිරීම මෙහි මූලිකම ඉලක්කයක් වේ.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us