උසස් පෙළ දෙවන අදියර අද සිට යළි ඇරඹේ

Published in පුවත්
Wednesday, 04 December 2024 08:56

කල්දැමූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියර අද (04) සිට යළි ආරම්භ වීමට නියමිතය.

දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නොවැම්බර් මස 27 වන දින සිට දින 06ක කාලයක් උසස් පෙළ විභාගය කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, විභාග කාලසටහනේ සඳහන් පරිදි අද සිට විභාග කටයුතු සිදුකෙරෙන බවය.

ඒ අනුව අද සිට දෙසැම්බර් මස 20 වන දින දක්වා මීට පෙර නිකුත් කළ කාලසටහන අනුව විභාගය පැවැත්වෙනු ඇත.

විභාගය නොපවැත්වු දිනයන් සඳහා දෙසැම්බර් 21 වනදා දක්වා දෙසැම්බර් 31 වනදා දක්වා විභාගය පැවැත්වෙන බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

ඒ අනුව නව කාලසටහන දෙසැම්බර් මස 7 වන සෙනසුරාදා සියලු විභාග අපේක්ෂකයින් වෙත ලබාදීමට නියමිතය.

මේ අතර තවදුරටත් මාර්ග අවහිරතා ඇති ප්‍රදේශවල දරුවන්ට ළඟම විභාග මධ්‍යස්ථානය වෙත ගොස් විභාගයට පෙනී සිටීමට හැකියාව පවතින බව ද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us