ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් රටින් ගේන්න යයි  

Published in පුවත්
Saturday, 07 December 2024 09:41

ඉදිරියේදී ලුණු හිඟයක් ඇතිවීම වැළැක්වීමට ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් පමණ ආනයනය කිරීමට ලුණු සමාගම් රජයෙන් අනුමැතිය ඉල්ලා ඇත.

ලුණු හිඟවීමේ අවදානමක් පවතින බැවින් මෙම ඉල්ලීම කර ඇති බව දැනගන්නට තිබේ.

මෙලෙස ලුණු හිඟයක් ඇතිවීමට හේතු වී ඇත්තේ, පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය බව ලුණු සමාගම් සඳහන් කරයි.

වැස්සෙන් හා ජල ගැල්මෙන් දේශීය ලුණු නිෂ්පාදනය හරි අඩකින් පමණ අඩු වූ බව එම සමාගම්වලින් කළ විමසුමකදී හෙළි විය.

අධික වැස්සෙන් හා ජල ගැල්මෙන් අලිමංකඩ, මන්නාරම, හම්බන්තොට හා පුත්තලම ප්‍රධාන ලේවායන්හි ලුණු නිෂ්පාදනයෙන් අඩකට වඩා හානි සිදුවී ඇති බව ත් පුත්තලම ලේවායේ අස්වැන්න සියයට 80කට පමණ හානි සිදුවී ඇති බව ත් දැනගන්නට තිබේ.

පසුගිය වසර දෙකක පමණ කාලයක් තුළ සිදුවූ හානි පූර්ණ කරගනිමින් වෙළෙඳපොළේ ලුණු හිඟයක් ඇති නොවීමට කටයුතු කළත් පසුගිය දා ඇතිවූ අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ හානිය වැඩි වීම නිසා හිඟය පියවා ගැනීමට ලුණු යම් කිසි ප්‍රමාණයක් ඉදිරියේදී ආනයනය කිරීමට සිදුවන බවද සමාගම් ආරංචි මාර්ග සඳහන් කළේය.

පරිභෝජනය හා අනෙකුත් කර්මාන්ත සඳහා අවශ්‍ය ලුණුවල හිඟයක් ඇති නොවීමට කටයුතු කරගෙන යන බව ද ලුණු සමාගම් පැවසීය.

- මව්බිම

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us