රිදියගම හැඩ කරමින් ඩෝරා සහ ලාරා පැටවුන් බිහිකරයි

Published in පුවත්
Saturday, 07 December 2024 15:54

හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට අලුතෙන් සිංහ පැටව් 6 දෙනෙකු මේ වනවිට එක්ව තිබේ.

ඒ එම සෆාරී උද්‍යානයේ සිංහ ධේනුවන් දෙදෙනෙකු පැටව් තුන් දෙනා බැගින් බිහි කිරීමත් සමග.

මෙලෙස පැවව් බිහිකර ඇත්තේ ලාරා සිංහ සහ ඇගේ දියණිය ඩෝරා වන අතර, පැටව්න්ගේ වයස මසකට වැඩි බව සෆාරි උදානයේ නිලධාරින් පවසයි.

ඩෝරා යනු මීට වසර කිහිපයකට පෙර ලාරා විසින් බිහිකළ පැටවියකි.

කෙසේ වෙතත් ලාරා සිංහ ධේනුව ඩෝරාට කිරිදීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ හේතුවෙන් සත්ත්ව උද්‍යානයේ නිලධාරීට ඇයට කෘතිමව කිරි ලබා දී රැකබලා ගැනීමට සිදුවිය.

එහෙත් ඩෝරා ධේනුව, ලාරා මෙන් සිය පැටව්ට කිරි ලබාදීම ප්‍රතික්ෂේප නොකර පැටව් රැකගැනීම විශේෂත්වයක්ය.

මේ වනවිට මෙම සිංහ පැටවුන් 6 දෙනා සෆාරී උද්‍යානය තුළ ඉතා සෞඛ්‍ය සම්පන්නව කල් ගෙවන අතර, ඉදිරි සති කිහිපයේදී මහජන ප්‍රදර්ශනය සඳහා වෙනම කලාපයකට මුදාහරින බව ද සෆාරි උදානයේ නිලධාරියෙකු පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us