ජනපති, මහ මෝල් හිමියන්ගේ ලාබය වැඩිකරලා දීලා..  

Published in පුවත්
Sunday, 08 December 2024 09:18

සහල්වල පැවැති මිලට වඩා රුපියල් 10කින් මිල ඉහළ දමා විකිණීමට එකඟතාවයකට පැමිණ ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති යූ.කේ සේමසිංහ මහතා සහල් සඳහා රජය විසින් මිල ගණන් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් ඒ බව සඳහන් කළේය.

"සහල්වල තිබුණු මිලට වඩා රුපියල් 10කින් ඉහළ දමලා විකුණන විදිහට එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. අපේ රටේ සහල් සම්බන්ධයෙන් ගැසට් කරපු මිලක් තිබුණා. ඒ මිල තමයි කැකුළු සහල් කිලෝ එකක් 210යි, නාඩු කිලෝ එකක් 220යි, සම්බා කිලෝ එකක් රුපියල් 230යි සහ කීරි සම්බා 260ක් විදිහට තමයි තිබුණේ. නමුත් අද දවසේ සිට කීරි සම්බා හැර අනෙක් සහල් වර්ග 03 සඳහා රුපියල් 10ක වැඩිවීමක් නියම වෙලා තියෙනවා.

මේක නෙමෙයි කරන්න තිබුණේ. නියාමනයට යටත්ව සහල් විකිණීම සම්බන්ධයෙන් වැටලීම කිරීම තමයි සිදුකළ යුතුව තිබුණේ. නමුත් මේ තීන්දුව දැන් අරගෙන තිබෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා ජනාධිපතිවරයා සහ රජය විසින් මේ ගත්තු තීරණයට අනුව, අද දවසේ සිට පාරිභෝගික අධිකාරිය හරහා සහල් වැටලීම් සිදුකරන්න ආරම්භ කරයි කියලා. එහෙම නොකළොත් මේ රටේ පාරිභෝගික ජනතාව දැවැන්ත අසාධාරණයකට ලක්වෙනවා.

රුපියල් 10ක් සහල් වැඩිකරලා දීලා මහා පාරිමාණ වී මෝල් හිමියන්ට තවත් රුපියල් 10කින් ඔවුන්ගේ ලාභය වැඩිකරලා දුන්න අවස්ථාවකත් මෙය නොවිය යුතුයි. ඒ නිසා අනිවාර්යෙන් පාරිභෝගික අධිකාරිය විසින් ලංකාව පුරා සියලුම වෙළෙඳසැල් සහ වී මෝල වලට හිල්ලා ඒ වැටලීම් සිදුකරලා මේ සම්බන්ධයෙන් කටයුතු සිදුකළ යුතුයි."

adaderana

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us