වාහන ආනයනය ගැන රජය නිල වශයෙන් දැනුම් දීලා නැහැ -ආනයනකරුවන්ගේ සංගමය

Published in පුවත්
Monday, 09 December 2024 08:19

වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු පාර්ශවයක් මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ හේතුවෙන් වාහන මිල දී ගැනීම හෝ ඒවා විකිණීම සම්බන්ධයෙන් කලබල විය නොමැති බව එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා සඳහන් කළේය.

"මේක දැන් ගෙන්වීම අත්‍යාවශ්‍ය වෙලා තියෙන්නේ. මොකද අපි දැන් වාහනයක් නැතුව අවුරුදු 4ක් - 5ක් අපේ කේෂ්ත්‍රය කඩා වැටීමට ලක්වෙලා තියෙනවා. අපෙත් පැතුම මොනවා හරි වාහනයක් ගේන්න. අපිත් ප්‍රාර්ථනා කරනවා මේ අවුරුද්දේ බස්, ලොරි ගෙන්නලා ඊට පස්සේ දෙවන තුන්වන අදියර යටතේ ඉතුරු වාහනත් ගෙන්න ගන්න ඉක්මට හැකියාව ලැබෙන්න කියලා. දැනට කිසිම වාහනයක් ගේන්න රජයේ කිසිම තීරණයක් නෑ. නව රජයෙන් තීරණය වෙනස් වෙයිද කියලා අපිට කියන්න බෑ. කිසිම කෙනෙක් කලබල වෙන්න එපා තමන් ළඟ තියෙන වාහනය විකුණන්න. තාම රජයේ කිසිම කෙනෙක් ප්‍රකාශයට පත්කරලා නෑ කවද්ද වාහන ගෙන්වන්නේ කියලා. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා මේ ගැන ප්‍රකාශයක් නිකුත් කරන්න කියලා. මොකද මිනිස්සු කලබල වෙලා ඉන්නේ. රජය ප්‍රකාශයට පත්කරන කල් තමන් ළඟ තියෙන වාහනය අඩුවට කාටවත් විකුණන්න ඕනේ නෑ."

-p.m

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us