බදු හරස්වීම නිසා බාර් රැසකට ලයිසන් අහිමිවන ලකුණු Featured

Published in පුවත්
Tuesday, 10 December 2024 07:51

මත්පැන් නිෂ්පාදනාගාර සහ මත්පැන් අලෙවිසල් රැසක් නිසියාකාරව බදු නොගෙවීම නිසා 2025 වසරට අදාළව සුරාබදු බලපත්‍ර ලබාගැනීමට නොහැකිවන තත්ත්වයක් උදා වී තිබේ.

රටපුරා මත්පැන් සමාගම් සහ මත්පැන් අලෙවිසල් 4,500ක් පමණ පවතින බවත් මේ වනවිට 2025 වසරට අදාළ බලපත්‍ර ලබාගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන බදු නිෂ්කාශන වාර්තා ලැබී ඇත්තේ 200ක පමණ බවටත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මත්පැන්හල් බලපත්‍රලාභීන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ, නියමිත ආකාරයට බදුගෙවා ඇති අයගේ නිෂ්කාශන වාර්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලය ඔස්සේ සුරාබදු දෙපාර්තමේන්තුවට ලබාදෙන බවයි. මෙතෙක් නියමිත බදු ගෙවා නොමැති පිරිස් ද නියමිත බදු මුදල් ගෙවා නිෂ්කාශන වාර්තා යැවීමට අවශ්‍ය සුදුසුකම ලබාගන්නා ලෙස හෙතෙම ඉල්ලා සිටියේය.

මීට වසරවල දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිෂ්කාශන වාර්තා විවිධ ක්‍රම මගින් සුරාබදු දෙපාර්තමේන්තුවට යොමු කළත් මෙවර එවැනි දේවල් කිරීමේ හැකියාවක් නොමැතිවීම ඇතැම්විට නිෂ්කාශනය වාර්තා සුරාබදු දෙපාර්තමේන්තුවට ලැබීම ප්‍රමාදවීමට හේතුවක් වියහැකි බවද ඔහු කීය.

-දිවයින

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us