මේ වසර තුළ සංචාරකයන් 1,850,000 ක් ඇවිත්  

Published in පුවත්
Friday, 13 December 2024 10:34

මේ වසර ආරම්භයේ සිට දෙසැම්බර් 08 දින දක්වා කාලය තුළදී මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 1,850,000 ඉක්මවා තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

2024 දෙසැම්බර් මුල් දින 08 තුළ මෙරටට පැමිණ තිබෙන 47,175ක සංචාරකයන් සංඛ්‍යාවත් සමඟින් 1,852,048ක සංචාරක ඉලක්කයක් සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට මේ වනවිට හැකි වී තිබේ. ඒ අනුව මේ මස මුල් දින 08ක කාලයේ දී වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියාවෙන් මෙරටට පැමිණ තිබෙන අතර එය 10,261ක් බවද රුසියාවෙන් සංචාරකයන් 7,647 දෙනකු පැමිණ තිබෙන බවද පවසන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය බ්‍රිතාන්‍යයන් 3,153 දෙනකු පැමිණ තිබෙන බවද කියා සිටී.

ඊට අමතරව චීනය, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, පෝලන්තය, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ බංග්ලාදේශය යන රටවලින් වැඩි සංචාරකයන් පිරිසක් පැමිණ තිබෙන බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2024 වසරේ මුල් මාස 11 තුළ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,806.5ක් බවයි. මෙය 2023 වසෙර් මුල් මාස 11 හි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,798.7 හා සැසඳීමේ දී සියයට 56ක වර්ධනයකි.

දිනමිණ

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us