පෙබරවාරි 01 සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට ඉඩ  

Published in පුවත්
Wednesday, 18 December 2024 14:31

2025 වර්ෂයේ පෙබරවාරි 01 සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට අවස්ථාව සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ වාහන ආනයනයට පනවා ඇති සීමා ක්‍රමානුකූලව විවෘත කළ යුතු බවයි.

"එයත් එක්ක ගොඩනැගුන කර්මාන්තයක් තියෙනවා. ව්‍යවසායකයින් ඉන්නවා. ඒ නිසා දීර්ඝ කාලයක් මෙම වාහන වෙළෙඳපොළ වසාගෙන සිටීමේ හැකියාවක් නෑ."

ඒ අනුව කාණ්ඩ තුනකින් වාහන ආනයනයට අවසර දීමට රජය සැලසුම් කර ඇති බව ජනපතිවරයා පැවසීය.

"මගී ප්‍රවාහන බස් සහ විශේෂ කාර්යයන් සඳහා භාවිත කරන වාහන ගෙන්වීමට 2024.12.14 සිට විවෘත කරලා තියෙන්නේ. භාණ්ඩ ප්‍රවාහනය සඳහා රථ සහ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ අපි විවෘත කරන්න සැලසුම් කරලා තියෙනවා. පෞද්ගලික ප්‍රයෝජනය සඳහා වාහන ආනයනය 2025 පෙබරවාරි 01 වනදා සිට යෝජනාවට අපි සැලසුම් කරලා තියෙනවා ක්‍රියාත්මක කරන්න. නමුත් කවුරුත් සැකයක් තියාගන්න එපා නැවත අපි ඩොලර් අර්බුදයකට මුහුණ දේවී කියලා. මහ බැංකුවත් එක්ක අපි දීර්ඝ සාකච්ඡාවක් හරහා මේ වාහන ආනයනය කිරීම සඳහා පිටමංව යන ඩොලර් ප්‍රමාණය කොපමනද කියලා අපි යම් ඇස්තමේන්තුවක් කරලා තියෙනවා. එය කොච්චර අපේ ආර්ථිකයට බලපානවද කියලා අපි සැලකිල්ලට භාජනය කරලා තියෙනවා. නමුත් අපේ ආර්ථිකය යළි කරකවන්න නම් උද්දීපනය කරන්න නම් මේ වාහන වෙළෙඳපොළ අපි විවෘත කළ යුතුයි."

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us