කොළඹ වරායේ සහ රේගු අංගනවල තදබදයක්

Published in පුවත්
Thursday, 19 December 2024 11:50

මේ දිනවල ආනයනය කරන බහාලුම් ප්‍රමාණය දෙගුණයකටත් වඩා ඉහළ යාම හේතුවෙන් කොළඹ වරායේ සහ රේගු අංගනවල තදබදයක් උද්ගතව ඇතැයි තොරතුරු අනාවරණය වේ.

සාමාන්‍යයෙන් රේගු පරික්ෂාව සඳහා දිනකට බහාලුම් 1,200 ක් පමණ ලැබුණද,මේ දිනවල එය බහාලුම් 2,400 කට වැඩි ප්‍රමාණයක් දක්වා ඉහළ ගොස් ඇත.

උත්සව සමය හේතුවෙන් මේ දිනවල ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් භාණ්ඩ ආනයනය ඉහළ ගොස් ඇති අතර, රජය ආනයනය සීමා ඉවත් කිරීම හේතුවෙන් සහල් තොග යම් ප්‍රමාණයක්ද ඉන්දියාවෙන් ආනයනය කෙරේ. ආනයනික ආහාර බහාලුම් 500 කට වැඩි ප්‍රමාණයක් වරාය සහ රේගු අංගනවල සතියකට ආසන්න කාලයක් ගොඩගැසී පැවතීමද තදබදය වැඩිවීමට හේතුවී ඇත.

ආහාර බහාලුම්වල තිබෙන ආහාර සාම්පල ආහාර දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරුන් සහ ජාතික ශාක නිරෝධායන සේවයේ නිලධාරීන් පරීක්ෂා කර අනුමැතිය ලබාදිය යුතු වූවත්, එම අනුමැතිය ප්‍රමාදවීම නිසා ආහාර බහාලුම් කඩිනමින් නිදහස් කිරීමට බාධා පැමිණ තිබේ.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us