'ක්ලීන් ශ්‍රී ලංකා' ජනාධිපති කාර්ය සාධක බලකාය නම් කෙරේ

Published in පුවත්
Friday, 20 December 2024 08:51

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය නම්කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ අත්සනින් යුතුව ඊයේ (19) නිකුත් කළේය.

මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා ජනාධිපති ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු සාමාජිකයින් 18දෙනෙකු නම්කර තිබේ.

මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිදියාව සහ ප්‍රගමනය තහවුරු කිරීම තුළින් පරිවර්තනීය මුලපිරීමක් සඳහා මෙන්ම එහි සමාජීය, පාරිසරික හා ආචාරධර්මීය පිබිදීමක් ඉලක්ක කර ගනිමින් ජාතික මෙහෙයුමක් දියත් කිරීම මෙහි අරමුණු වේ.

එමෙන්ම පාරිසරික, ආර්ථික හා සමාජීය තිරසරභාවය සහ රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා පරිවර්තනීය මුලපිරීමක් අවශ්‍ය බැවින් එම අරමුණු ළඟාකර ගැනීම මෙහි තවත් අරමුණක්ය.

පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩළ රැස්විමේදි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට තීරණය කරනු ලැබීය.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us