ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිපල ලැබේ. ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවට උසස්වීමක්.   Featured

Published in පුවත්
Saturday, 21 December 2024 09:29

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ෆිච් රේටින් සමාගම පවසයි.

මේ හේතුවෙන් අදාළ සමාගම විසින් මෙරට ණය ශ්‍රේණිගත කිරීම් සඳහා උසස්වීමක් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම CCC සෘණ මට්ටමේ සිට CCC ධන මට්ටම දක්වා අදාළ උසස් වීම ලබා දී ඇති බව සඳහන්ය.

ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාර්ථකත්වය වැඩි දියුණු කළ සාර්ව ආර්ථික දර්ශක සහ දේශීය මුදල් පැහැර හැරීමේ අවධානම අඩු කිරීම මෙමගින් පිළිඹිබු කරන බව ෆිච් රේටින් සමාගම පවසයි.

මේ අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අනුව භාණ්ඩාගාර බැඳුම්කර අටක් මගින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හුවමාරු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව පෙන්වා දෙන්නේ මෙම සියලු බැඳුම්කර රුපියල් මිලියන දහනවදහස් හාරසිය හැටහයයි දශම එකක වෙන්කළ මුදලකින් සමන්විත බවය.

ශ්‍රී ලංකාව ණය ගෙවීම් පැහැර හැර නිල වශයෙන් බංකොලොත් බව ප්‍රකාශ කිරීම මත ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් වල පහළම අඩියකට ඇද දැමීම සිදු විය. ඒ අනුව මෙරට රජයට කිසිදු විදේශීය ණයක් ලබා ගැනීමේ හැකියාව අහෝසි විය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආර්ථික ප්‍රතිසංස්කර නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම ඊට සමගාමීව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සමයේ ගත් කඩිනම් පියවරයන් මත කෙටි කාලයක් තුළ මෙම සාර්ථකත්වය උදා වීමට ප්‍රධානම හේතුව විය. මේ අනුව නිල වශයෙන්ම බංකොලොත් බව අත් මිදීම මේ වන විට සිදුව ඇත.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us