හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂක පිරිස් අද සිට ඉවතට

Published in පුවත්
Monday, 23 December 2024 08:45

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබේ.

පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු රැස්වීමේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.

ඒ අනුව අද දිනයේ සිට හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් පමණක් තවදුරටත් කටයුතු කරනු ඇති.

මේ වන විට එම ආරක්ෂක කටයුතු සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් ගණන ද අඩුකර ඇති අතර රජය පවසන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යොදවා ඇති බවය.

කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව මාස 06කට වරක් සමාලෝචනය කර, ඒ අනුව ආරක්ෂක විධිවිධාන තර කරන බව ද රජය සඳහන් කළේය.

ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඉවත් කළ ද හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට කිසිදු ආකාරයක ගැටලුකාරී තත්වයක් ඇති වීමට ඉඩ නොතබන බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින නිලධාරීන් සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීමත් සමග මෙලෙස ඔවුන්ගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් සංඛ්‍යාව අවම කිරීමට රජය තීරණය කළේය.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us