විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජනතාවගේ අදහස් ලබා ගැනීම අදින් ඇරඹේ

Published in පුවත්
Friday, 27 December 2024 07:30

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද (27) ආරම්භ වෙයි.

පළමු සැසිය මධ්‍යම පළාතෙන් අද ආරම්භ කරන අතර එය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කරනු ඇත.

නව වසරේ මුල් මාස 06ක කාලය සඳහා විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යායුතු බවට පසුගියදා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් ප්‍රතියෝජනා ඉදිරිපත් කරමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කර තිබුණේ සියයට 10ත් 20ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කිරීමේ හැකියාව පවතින බවය.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලිඛිත අදහස් ලබාගැනීම පසුගිය 17වනදා සිට සිදු කෙරුනු අතර අද දිනයේ සිට පළාත් 9ය ආවරණය වන පරිදි ජනවාරි මස 10වනදා දක්වා වාචික අදහස් ලබාගැනීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව ජනතාවට විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ 0772 943 193 දුරකථන අංකය අමතා ලියාපදිංචි වීමේ හැකියාව පවතින බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැවසීය.

වාචික සහ ලිඛිත අදහස් ලබා ගැනීමෙන් අනතුරුව සිය අවසන් වාර්තාව ජනවාරි මස 17 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසීය.

Last modified on Friday, 27 December 2024 07:52

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us