ජනපති හමුවන්න ඕනෑ කියමින් කඩුවක් අතින් ගත් පුද්ගලයා අත්අඩංගුවට

Published in පුවත්
Friday, 27 December 2024 07:46

ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට අවශ්‍ය බව පවසමින් කඩුවක් අතැතිව කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයකු පිළියන්දල පොලිසිය විසින් ඊයේ (26 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

පිළියන්දල, තුම්බෝවිල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයකු එලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම පුද්ගලයා ඊයේ උදෑසන පිළියන්දල, ජාලියගොඩ හන්දියට කඩුවක් අතැතිව පැමිණ අසල්වාසීන්ට පරුෂ වචන කියමින් කලහකාරීව හැසිරී තිබේ.

එම පුද්ගලයාට අවට සිටි පිරිස පරුෂ වචන නොකියන ලෙසට දැනුම් දී ඇති අතර ඊට උරණ වූ පුද්ගලයා අසල නවතා තිබූ ලොරි රථයකට නැග ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බවත්, එසේ නොවන්නේ නම් සිය බෙල්ල කපාගෙන සියදිවි හානිකර ගන්නා බවත් පවසා ඇත. අදාළ ස්ථානයට පැමිණි පිළියන්දල පොලිසියේ නිලධාරින් පිරිසක් මැදිහත් වී තත්ත්වය පාලනය කර එම පුද්ගලයා ලොරි රථයෙන් බස්සවා කඩුව පොලිස් භාරයට ගෙන තිබේ. එම පුද්ගලයා යම් මානසික රෝගයකින් පෙළෙන අයකු බව අනාවරණ වීම නිසා සුවසැරිය ගිලන් රථයකින් ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

මෙම සිද්ධිය පිළිබඳ පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us