පෙම්වතා හමුවෙන්න ගිය හෙද පෙම්වතිය සමූහ දූෂණයට

Published in පුවත්
Friday, 27 December 2024 08:19

සෙබළ පෙම්වතාගේ කීමට පුත්තලමේ සිට නාවුලට පැමිණි හෙද නිලධාරිනියක හෝටල් කාමරයක් තුළදී සමූහ දූෂණයකට ලක් කළ බවට චෝදනා ලද යුද හමුදා සෙබළකු, ගුවන් හමුදා සෙබළකු ඇතුළු තිදෙනකු නාවුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම හෙද නිලධාරිනිය තම නැගණියට විවාහ යෝජනාවක් සඳහා ඉදිරිපත් වූ යුද හමුදා සෙබළා සමග විවාහ වීමට කැමැත්ත පළ කර ඇතැයි අනාවරණය වී ඇත. ඉන් පසුව සෙබළ පෙම්වතාගේ දැනුම් දීම පරිදි නත්තල් උදාව දින (24 වැනිදා ) රාත්‍රියේ පුත්තලමේ සිට නාඋල බලා පැමිණ ඇත.

එහිදී යුද හමුදා පෙම්වතා සමග ඔහුගේ මිතුරකු වන ගුවන් හමුදා සෙබළකු හා තවත් මිතුරකු ඔවුන් රැඳී සිටි හෝටලයට පැමිණ මධුවිත පානය කර ඇතැයි අනාවරණය වී ඇත.

ඒ අනුව මොවුන් හෙදියව සමුහ දූෂණයට ලක් කළ බවට පසුදින (25) පස්වරුවේ තිස් අට හැවිරිදි හෙදිය විසින් නාවුල පොලිසියට පැමිණිලි කර ඇත.

මේ අනුව නාවුල පොලිසිය විසින් කෝන්ගහවෙල අඹනවැල්ගාල ප්‍රදේශයේ පදිංචිව සිටින හමුදා සෙබළුන් දෙදෙනා හා ගොවියකු මෙම දූෂණය සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ හෙදිය සිය කැමැත්තෙන් තමන් සමග සිටි බවත් රාත්‍රි කාලයේ ඇති වූ ආරවුලකින් පසු තමන්ට විරුද්ධව පොලිසියට පැමිණිලි කර ඇති බවත්ය.

මේ සම්බන්ධව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ උපදෙස් මත නාවුල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us