පොලිස් රෝහලට පැමිණෙන රෝගීන්ට නිකුත් කරන ඖෂධ අද සිට සීමා කෙරේ

Published in පුවත්
Friday, 03 January 2025 08:26

ඖෂධ හිඟය හේතුවෙන් නාරාහේන්පිට සහ කුණ්ඩසාලේ පොලිස් රෝහල්වල සායනවලට පැමිණෙන රෝගීන්ට නිකුත් කරන ඖෂධ අද (03 වැනිදා) සිට සීමා කරන ලෙස පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා විසින් එම රෝහලේ සියලුම වෛද්‍යවරුන්ට දැනුම්දී ඇත.

විශේෂඥ වෛද්‍යසායන මගින් රෝගීන්ට මාස තුනක් දක්වා නිකුත් කරන ඖෂධ එක් මාසයක් සඳහා පමණක් නිකුත් කරන ලෙසත්, විදෙස් ගතවන පොලිස් නිලධාරීන් සඳහා මාස තුනක කාලයකට ලබාදෙන සායනික ඖෂධ මාස එකහමාරක කාලයක් සඳහා පමණක් නිකුත් කරන ලෙස ද පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්ෂ වෛද්‍ය වී.ඩබ්ලිව්.ඩී.අයි. සෙනෙවිරත්න නිකුත් කරන ලද අදාළ ලිපියේ සඳහන් කර තිබේ.

රජයේ රෝහල්වල සහ පොලිස් රෝහල තුළ පවතින ඖෂධ හිඟය මග හරවා ගැනීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිනි (සුබ සාධන දිසාව) විසින් ලබාදුන් වාචික උපදෙස් මත අද (03 වැනිදා) සිට නැවත දැනුම් දෙනතුරු ඖෂධ නිකුත් කිරීම සීමා කරන ලෙස අදාළ ලිපියෙන් වැඩිදුරටත් දැනුම්දී තිබේ.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us