දිවයිනේ ප්‍රධාන වැව් බොහොමයක් ජල ධාරිතාව 86% ඉක්මවමින් වාන් දමයි

Published in පුවත්
Friday, 03 January 2025 16:17

පසුගිය දින කිහිපයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති වූ වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව් බොහොමයක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ වනවිට දිවයිනේ ප්‍රධාන ජලාශ 73න් 33ක් වාන් දමමින් පවතින බවය.

දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව අනුව අම්පාර දිස්ත්‍රික්කයේ 79%ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ 95%ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ 71%ක්, මඩකළපුව, මොණරාගල, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල 82%ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ 91%, ගාල්ල, මහනුවර, කුරුණෑගල, පොළොන්නරුව, පුත්තලම යන දිස්ත්‍රික්ක 98%ක් ලෙස වශයෙන් සටහන් වී ඇති බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.

මේ අනුව දිවයිනේ සමස්ත ප්‍රධාන ජලාශවල ජල ධාරිතාවය 87.6%ක් බවට පත්ව ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම මේ වන විට දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයක් වාන් දමමින් පවතින බැවින් එම ජලාශ ආශ්‍රිතව පහත් බිම්වල වෙසෙන ජනතාව ආපදා කළමනාකරණ අංශ විසින් නිකුත් කරන නිවේදන සම්බන්ධව අවධානය යොමු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us