මහා මාර්ග භාවිතය පහසු කිරීමේ ක්ලීන් වැඩක්

Published in පුවත්
Sunday, 05 January 2025 12:20

“Clean Sri Lanka ” ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය මගින් රිය අනතුරු හා රථවාහන තදබදය අඩුකර ගැනීම සඳහා රථවාහන ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංවීමට පොලිස්පතිතුමා විසින් උපදෙස් ලබා දී ඇත.

මෙහි පළමු මෙහෙයුම මගින් රථවාහන වල විවිධ නාද රටා, විවිධ ර්වණ සහිත නිවෙන දැල්වෙන අමතර පහන් සවි කර ධාවනය, නීති විරෝධී සවි කිරීම්, ඝොෂාකාරී නලා සවි කිරීම්, අධික ශබ්ද සහිත සයිලාන්සර්, අනතුරු ඉහල යන ආකාරයෙන් අන්ත්‍රාදායක ලෙස අමතර කොටස් සවි කිරීම (ඉෂ්ඨරූප) සමගින් ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සිදු කරනු ලබයි.

දෙවන මෙහෙයුම මගින් උපාය දූතයින් යොදවා පොදු ප්‍රවාහන බස් රථ ධාවනයේදී රියදුරන් සිදු කරන රථවාහන වැරදි අනාවරණය කර ගැනීමෙන් පසු එම වැරදි සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබයි.

මෙම මෙහෙයුම් 2025.01.04 වන දින සිට 2025.01.19 වන දින දක්වා සති දෙකක කාලයක් රියදුරන් හා මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන අතර, එහිදී රියදුරන් වෙත අවවාද කර දැනුවත් කිරීමට කටයුතු කරනු ලබයි.

මෙම පළමු මෙහෙයුමට අදාලව රථවාහන වල සවි කර ඇති අමතර කොටස් එම කාලය තුල වාහන වලින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස රියදුරන් හට උපදෙස් ලබා දෙනු ඇත.

ඉදිරියේදී මෙම ක්‍රමවේදය නොකඩවා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර එහිදී රථවාහන වල අමතර කොටස් සවිකර ධාවනය කරන හා පොදු ප්‍රවාහන බස් රථවලට උපාය දූතයන් යොදවා තොරතුරු ලබා ගෙන සිදු කරන වැරදි වලට අදාලව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව දන්වා සිටිමි.

විනයගරුක රියදුරන් ලෙස මාර්ග හා රථවාහන නීති අනුගමනය කරමින් රිය ධාවනයේ යෙදෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us