වවුනියාවේ මී උණ පැතිරීම සීග්‍රයෙන්

Published in පුවත්
Monday, 06 January 2025 09:20

ගතවු වසරක කාලය තුළ වවුනියාව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 41 දෙනෙකු මී උණ රෝගයට ගොදුරු වී ඇති බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පවසයි.

සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය විසින් මී උණ රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් කළ දැනුවත් කිරීමේ වැඩසටහනකදී එලෙස සඳහන් කළේය.

පසුගිය වසරේ මහ කන්නය හා යල කන්නය තුළ ගොවීන් 41 දෙනෙකු එලෙස මී උණ රෝගයට ගොදුරුව ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පැවසීය.

මහ කන්නයේ හා යල කන්නයේ වගා කටයුතුවලට පෙර මී උණ රෝගය වෙනුවෙන් ලබාගන්න ප්‍රතිජිවක ඖෂධ ලබා ගැනීම තුළින් මී උණ රෝගයෙන් වැළකි සිටීමට හැකි බවද සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය සඳහන් කළේය.

යාපනය දිස්ත්‍රික්කය තුළ පැතිරී ගිය ආකාරයට මී උණ පැතිරයාම වළක්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති අතර, ගොවි ජනතාව දැනුවත් කිරීම සිදුකිරීමට සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පියවර ගෙන තිබිණි.

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us