පොල් තෙල් වලට මොකද වුනේ?...

Published in පුවත්
Monday, 06 January 2025 10:56

පසුගිය වසරේ (2024) මුල් මාස 10 තුළ පිරිපහදු නොකළ තෙල්, පොල්තෙල් නමින් ආනයනය කර රට පුරා අලෙවි කිරීමෙන් රජයට රුපියල් බිලියන 05ක හෙවත් කෝටි 5000ක බදු ආදායමක් අහිමිකර ඇති බවත්, එම මුදල් වහාම අයකර ගැනීමට කටයුතු කළ යුතු බවත් පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පවසනවා.

පිරිපහදු නොකළ තෙල් කිලෝ මිලියන 39,000ක් මෙසේ ආනයනය කර මෙම බදු වංචාව සිදුකර ඇති බවත් මෙම වංචාව සිදුකර ඇත්තේ සීනි, ලූනු, පොල්තෙල් වැනි බදු වංචා කළ පුද්ගලයන්ම වීම විශේෂත්වයක් බවත්, ඔවුන් එම වංචා කළ මුදල් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ හෝ අයකර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා පසුගිය දා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ ය.

ඒ මහතා කියා සිටියේ, මෙම ආනයනික තෙල් රටේ අලෙවි කිරීමේදී ද කිසිම අවස්ථාවක බිල්පත්වල සටහන් නොවන නිසා බදු අය කර ගැනීමක් සිදු නොවන බවත් පිටකොටුවේ වෙළෙඳුන් කිහිප දෙනෙකු මාර්ගයෙන් එම තෙල් වෙළෙඳපොළට නිකුත් කිරීම සිදුවන බවයි.

දේශීය පොල්තෙල් නිෂ්පාදකයන්ට සියයට 18ක බද්ද පනවා ඇතත් ආනයනික තෙල් සඳහා බද්ද ඉවත් කර ඇති බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කළා.

රාජ්‍ය අනුග්‍රහය ඇතිව තෙල් ආනයනය කිරීමට අවස්ථාව ලබාදී ඇති නිසා මෙරට පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තකරුවන්ට අයත් ආයතන සියයට 90ක් වැසී ගොස් ඇති අතර, එහි සේවය කළ ලක්ෂ හතරක පමණ පිරිසකට රැකියා අහිමිවී ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us