චීනයේ ව්‍යාප්ත නව වෛරසයෙන් ඉන්දියාවේ 2ක් ගොදුරු වෙයි. මෙරට සෞඛ්‍ය අංශයේ දැනුම් දීමක්

Published in පුවත්
Tuesday, 07 January 2025 10:34

චීනයේ සීඝ්‍රයෙන් ව්‍යාප්තව වන එච්.එම්.පී.වී වෛරසය වසංගතයක් මෙන් ලොව පුරා පැතිර යාමේ තර්ජනයක් එල්ල නොවන බව මෙරට සෞඛ්‍ය අංශ සදහන් කර තිබෙනවා.

එමෙන්ම, එම වයිරසය ලංකාවට පැමිණියහොත් අවශ්‍ය කටයුතු සිදුකිරීම සදහා සෞඛ්‍ය අංශ සූදානම්ව සිටින බව වෛරස් විද්‍යාව පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පැවසීය.

ඒ මහතා මේ බව සදහන් කළේ කොළඹ ඊයේ (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.

කෙසේ වෙතත් එම වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු පළමු වරට ඉන්දියාවෙන් හදුනාගෙන තිබේ.

ඒ බැංගලෝර් නගරයේ රෝහලකින් ය.

ඒ අනුව මාස 03 ක් සහ මාස 08ක් වයසැති බිළිදුන් දෙදෙනෙක් එම වයිරසයට භාජනය වී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම වෛරසය නව වෛරසයක් නොවන හෙයින් අනියත බියක් ඇතිකර ගැනීම අවශ්‍ය නොවන බව වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us