ප්‍රශ්නගත ඖෂධ හේතුවෙන් වූ දෑස් අන්ධ පිරිසට වන්දි ලබා දීමට පියවර Featured

Published in පුවත්
Tuesday, 07 January 2025 11:52

පසුගිය සමයේදී සිදුකරනු ලැබූ අක්ෂි සැත්කම් හේතුවෙන් අන්ධ භාවයට පත් වූ රෝගීන් වෙනුවෙන් වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මීට අමතරව එම ඖෂධ ගෙන්වීමට මූලික වූ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බවය.

"නුවරඑළිය මහ රෝහලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයට භාජනය කරන ලද රෝගීන් ගණනාවකගේ ඇස් අහිමි වීමේ තත්ත්වයන් වාර්තා වුණා. සමහර කෙනෙක් පූර්ණ අන්ධ භාවයට පත් වුණා. ඒ අය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේඛ ලේකම්වරයෙකුගේ මූලිකත්වයෙන් කමිටුවත් පත් කරලා ඒ කමිටු වාර්තාව ලැබුණා. 

ඊයේ අපි කැබිනට් මණ්ඩලයේ දී තීන්දු කළා එකක් ඒ ආබාධිත තත්ත්වයට පත්වෙන ලද රෝගීන් 17 දෙනෙකුට රජය මගින් වන්දි මුදල් ලබා දෙන්න. 

මෙවැනි ආකාරයේ වන්දි ප්‍රදානයක් මීට කලින් සිදුවෙලා නැහැ. ඒ නිසා අපි දැන් වන්දි ක්‍රමයක් සකස් කරමින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ඖෂධය ගෙන්වීමට මූලික වෙච්ච අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. ඒ නිසා මේ ගැන එකින් එකට විමර්ශනය කරගෙන යනවා. මීට අදාළ සියලු අයට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ ආයතන වෙතට අපි යොමු කරනවා."

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us