ලේක්හවුස් ලොක්කන් සේවක දඩයමක. සුමුදු චතුරාණිවත් එළවයි. Featured

Published in පුවත්
Tuesday, 07 January 2025 20:47

ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත් පතෙහි නියෝජ්‍ය‍ය කතෘ වරයා වශයෙන් සේවය කළ සුමුදු චතුරාණී ජයවර්ධන මහත්මියව වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් නෙරපා හැරීමට ලේක් හවුස් පාලනාධිකාරිය තීරණය කර ඇති බව දැන ගැනීමට ඇත.

අද දින සිට මෙම තීරණය ක්‍රියාත්මක වන අතර ඇයව ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියට පූර්ණ කාලීනව අනුයුක්ත කර ඇත.

සිළුමිණ පුවත් පතෙහි නව නියෝජ්‍ය කතුවරයා ලෙස මාලිමාවට හිතවත් පුද්ගලයකු ඉදිරි දින් කිහිපයේ දී පත් කිරීමට නියමිත අතර එතෙක් එම කටයුතු ආවරණය කිරීමට ප්‍රවෘත්ති කතෘ තාරක වික්‍රමසේකර මහතා පත් කර ඇතැයිද දැන ගැනීමට ඇත.

සුමුදු චතුරානි දිර්ග කාලයක් සිළුමිණ පුවත් පතෙහි සේවය කර පාඨක ජනතාවගෙ ආදරය දිනා ගත් ප්‍රවීණ ජනාමාධ්‍යවේදිනියකි. සිළුමිණ පුවත්පතෙහි නව කතෘ ලෙස පත් වූ ජවිපෙ පැරණි සාමාජිකයකු වූ උදේනි සමන් කුමාර මහතා මෙම තීරණය ගැනීමට පාලනාධිකාරියට බල කර ඇතැයිද දැන ගැනීමට ඇත.

කෙසේ නමුත් අප පසු ගියදා හෙළිදරව් කළ පරිදි ලේක්හවුස් සභාපතිවරයාගේ චණ්ඩි පාට් හමුවේ සියලු සේවකයන්ට කටයුතු කිරීමට සිදුව තිබේ. කෙසේ නමුත් ලේක්හවුස් කතෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙස පත්ව සිටින සිසිර යාපා මාධ්‍යවේදීන්ගේ සුහද මිතුරකු ලෙස නමක් දිනා ගත් අයතු වේ. එසේ තිබිය දී මෙවැනි තීරණයක් ගැනීම පුදුම සහගතය.

පෙර පුවත

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

Last modified on Tuesday, 07 January 2025 20:48

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us