ලියාපදිංචි නොවූ ජංගම දුරකථන මෙරට තුළ භාවිතය ඉදිරියේදී තහනමට Featured

Published in පුවත්
Thursday, 09 January 2025 09:57

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී නොමැති ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ මෙරට තුළ භාවිතය ඉදිරියේදී තහනම් කරන බව එම කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් මහතා සඳහන් කළේ, සන්නිවේදන උපකරණ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒම නතර කිරීම මෙහි අරමුණ බවය.

ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් මෙම මස අවසානය වන විට හඳුන්වාදීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.

කෙසේවෙතත් දැනට භාවිත කරන ජංගම දුරකථනවලට මෙම නව වැඩපිළිවෙල මඟින් බාධාවක් සිදුනොවන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් මහතා සඳහන් කළේය.

"නිසි ප්‍රමිතියකින් තොරව නීත්‍යානුකූල නොවන සන්නිවේදන උපකරණ මිල දී ගෙන විවිධ අපහසුතා හා අවහිරතාවලට මුහුණ දීමට රටේ ජනතාවට සිදුව තිබෙනවා. එම උපකරණ රටේ පාරිභෝගිකයින්ට විකිණීම වැළැක්වීම අප ආයතනයේ ප්‍රධාන වගකීමක් වෙනවා. මේ සඳහා අප ආයතනය ස්වයංක්‍රීය පද්ධතියක් මේ මස අවසානයේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. ජනතාව දැනුවත් කර අවසානයේ දී රට තුළට නීතියානුකූල නොවන ආකාරයට ජංගම දුරකථන ගෙන ඒම වැළැක්වීමයි. මේ ක්‍රමවේදය තුළ දැනට භාවිත කරන කිසිදු ජංගම දුරකථනයක් අවහිර නොවන අතර විදේශිකයින්ට ජංගම දුරකථන භාවිතයට අවහිරයක් නෑ."

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us