2025 දී 8,000කට කොරියාවේ රැකියා අවස්ථා ලබා දෙනවා  

Published in පුවත්
Friday, 10 January 2025 09:26

මේ වසරේ දී ශ්‍රී ලාංකිකයන් 8,000කට ආසන්න පිරිසකට කොරියාවේ රැකියා අවස්ථා හිමි වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ අනුව 2025 වසරේ ශ්‍රි ලාංකිකයන් 8,000කට ආසන්න පිරිසකට දකුණු ‍ කොරියානු රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් 96 දෙනකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවට කාර්යාංශයේ දී පෙරේදා (07) එක්වෙමින් සභාපතිවරයා මේ බව අනාවරණය කළේය. ඔවුන් මේ වසරේ දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව යන පළමු කණ්ඩායම යි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, දකුණු කොරියාවට ශ්‍රමිකයන් බඳවා ගන්නා රටවල් 16 අතර, වඩා ඉහළ දක්ෂතාවන්ගෙන් යුතු ගුණාත්මක ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවෙන් යොමු කිරීමට ඉදිරියේ දී අවශ්‍ය පියවර ගන්නා බවයි.

එසේම රැකියා සඳහා යොමු වන තරුණයන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් ඉදිරියේ දී මෙරටට ලැබෙන රැකියා කෝටාව තීරණය වන බවත්, එබැවින් නියමිත වීසා කාලය අවසන්ව දකුණු කොරියාවේ නීති විරෝධීව රැඳී සිටින ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීමට වහාම අවශ්‍ය පියවර ගන්නා බවත් සභාපතිවරයා පැවසීය. එසේ නීති විරෝධීව රැඳී සිටින පුද්ගලයන්ගේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවත්, එබැවින් නීති විරෝධීව රැඳී නොසිටින ලෙස ඒ මහතා මෙම තරුණයන්ගෙන් ඉල්ලා සිටියේය.

රට විරුවන් වාර්ෂිකව මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 6000කට අධික මුදලක් ප්‍රේෂණය කරන බවත්, එම මුදල් මෙරට ආර්ථිකය ඉහළ නැංවීමට විශාල මෙහෙයක් සිදුකරන බවත් පැවසූ ඒ මහතා ඒ වෙනුවෙන් රජයේ ප්‍රණාමය ඔවුන්ට පුද කරන බවත් ප්‍රකාශ කළේය.

දකුණු කොරියාව හා ශ්‍රී ලංකාව අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම ප්‍රකාරව පසුගිය වසරේ දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 5,562 දෙනෙක් පිටත්ව ගොස් ඇති අතර, ඊට නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා 4,699 ද, ධීවර ක්ෂේත්‍රය සඳහා 846 ද, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා පිටත්ව ගිය 16 දෙනෙක් හා කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයෙක් ද අයත් වෙති. එසේම පසුගිය වසරේ දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් වූ ශ්‍රමිකයන් අතරට කාන්තාවෝ 115 දෙනෙක් ද ඇතුළත් වෙති.

දිනමිණ

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us