රත්කිඳ සහ රාජාංගන ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

Published in පුවත්
Sunday, 12 January 2025 10:17

ඇද හැලෙන වර්ෂාව හමුවේ උල්හිටිය රත්කිඳ ජලාශයේ පිටවානේ තවත් ජල පාලන දොරටු හතරක් අද (12) උදෑසන විවෘත කර තිබේ.

ජලාශය භාර නිලධාරී දීප්ත ජයසේකර මහතා පැවසුවේ ඒ අනුව පිටවානේ සියලුම ගේට්ටු විවෘත කර ඇති බවය.

රත්කිඳ ජලාශයේ ජල මට්ටම පිරිසැපයුම් මට්ටම ඉක්මවා ගොස් ඇති අතර එය නියමිත මට්ටමේ පවත්වා ගැනීම පිණිස මාපාකඩ කාර්ය භාර ඉංජිනේරුවරයාගේ උපදෙස් පරිදි මෙලෙස ජල පාලන දොරටු විවෘත කළ බවද ඔහු පැවසීය.

ඒ අනුව ජල පාලන දොරටු තුනක් මීටර් එක බැගින්ද ඉතිරි ගේටුට තුන මීටර් 0.5 බැගින්ද විවෘත කර තිබේ.

දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලාශයට පහළින් පිහිටි රත්කිඳ - ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ කොටසක් ජලයෙන් යටව තිබේ.

තවද ඉදිරි පැය කිහිපය තුළදී ඇද හැලෙන වර්ෂාවේ ප්‍රමාණය මත ජල පාලන දොරටු විවෘත කරන ප්‍රමාණයද වෙනස් විය හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

මේ අතර රාජාංගන ජලාශයේ වාන් දෙරටු දෙකක් විවෘත කිරීමට ද අද පියවර ගෙන තිබේ.

ඒ අනුව අඩි දෙක බැගින් විවෘත කර ඇති මෙම වාන් දොරටු දෙක තුළින් තත්ත්පරයට ඝන අඩි 1,200ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරීමට කටයුතු කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us