ප්‍රධාන ජලාශ 27ක් වාන් දමන්න සුදානමින් -දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Published in පුවත්
Monday, 13 January 2025 08:02

ප්‍රධාන ජලාශ 73න් 27ක් මේ වන විට වාන් දමන මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10න් 07ක් මේ වන විට වාන් මට්ටමට ළඟා වී ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු පී.එස්.ඩී හේරත් මහතා පැවසුවේය.

අම්පාරේ ප්‍රධාන ජලාශවලින් තුනක් පිටාර මට්ටමට ළඟා වී ඇති අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ ජලාශ 7න් 3ක් මේ වනවිට පිටාර මට්ටමට ළඟා වී ඇති බව ද ඒ මහතා කියා සිටියේය.

මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 4න් 3ක් මේ වනවිට පිටාර මට්ටමට ළඟාවී ඇති අතර, හම්බන්තොට ප්‍රධාන ජලාශ 10න් දෙකක් පිටාර මට්ටමට ළඟා වී ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ දෙකෙන් එකක් පිටාර මට්ටමේ ඇති අතර, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 3න් 2ක් පිටාර මට්ටමට ළඟා වී තිබේ.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජලාශ 10න් එක් ජලාශයක් වාන් දමමින් පවතින අතර, මොනරාගල දිස්ත්‍රික්කයේ ජලාශ 3න් දෙකක් වාන් දමමින් ඇති අතර පොළොන්නරුවේ ද ප්‍රධාන ජලාශ 4න් එකක් වාන් දමමින් තිබෙන බව පී.එස්.ඩී හේරත් මහතා පැවසීය.

පුත්තලම දිස්ත්‍රික්කයේ වාන් දැමීමක් වාර්තා නොවන අතර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 5න් දෙකක් මේ වනවිට වාන් දමමින් තිබෙන බව ද ඒ මහතා කියා සිටියේය.

මේ අතර නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

ඊයේ (12) රාත්‍රී 8.30 සිට අද (13) රාත්‍රී 8.30 දක්වා වු පැය 24 සඳහා මෙම නිවේදනය වලංගු වේ.

ඒ අනුව පහත සඳහන් ප්‍රදේශවලට පූර්ව අනතුරු ඇඟවීමේ කහ නිවේදනයක් නිකුත් කර ඇත.

බදුල්ල දිස්ත්‍රික්කය:
- වැලිමඩ
- ⁠පස්සර
- ⁠හාලිඇල
- ⁠බදුල්ල

මහනුවර දිස්ත්‍රික්කය:
- මැදදුම්බර
- ⁠පාතදුම්බර
- ⁠උඩුදුම්බර

කුරුණෑගල දිස්ත්‍රික්කය:
- රිදීගම

මාතලේ දිස්ත්‍රික්කය:
- උකුවෙල
- ⁠රත්තොට

නුවරඑළිය දිස්ත්‍රික්කය:
- වලපනේ
- ⁠හගුරන්කෙත

Last modified on Monday, 13 January 2025 08:09

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us