ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට තීරණය කරයි

Published in පුවත්
Wednesday, 15 January 2025 22:17

නීතියට අනුකූලව ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලීසිය තීරණය කර තිබේ.

ඒ අනුව, 2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට් පත්‍රය මගින් ත්‍රීරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවන් පිළිබඳව සහ එයට අනුකූලව ත්‍රීරෝද රථවල නීත්‍යානුකූලව සවිකර ඇති කොටස් ඉවත් නොකිරීමට මින් ඉදිරියට පොලීසිය කටයුතු කරනු ඇති.

මෙම තීරණය ගෙන ඇත්තේ, සමස්ත ලංකා ත්‍රීරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන් හා අලෙවිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සහ පොලිස්පති අතර අද (15) පැවැති සාකච්ඡාවේදීය.

නීතියට අනුකූල නොවන අන්තරාදායක ආකාරයෙන් සවි කර ඇති කොටස් ඉවත් කිරීමට කටයුතු කරන බවටත් මෙහිදී දැනුම්දී තිබේ.

පොලීසිය මෙහිදී වැඩිදුරටත් දැනුම්දුන්නේ ත්‍රිරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන්ගේ සහ අලෙවිකරුවන්ගේ රැකියා අහිමි කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කිසිවිටකත් කටයුතු නොකරන බවය.

සීමාවන් පනවා ඇත්තේ මාර්ගය භාවිත කරන සෙසු පුද්ගලයන්ගේ, ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා එහි ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවටත් දැනුම්දුනි.

පොලිස් මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණි.

මෙම සාකච්ඡාව සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා, නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා, රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා, පොලිස් ප්‍රවාහන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංජුල මහගිරිල්ල මහතා හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ඇතුළු උසස් නිලධාරීන් කණ්ඩායමක් සහභාගී විය.

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us