විදුලි බිල සියයට 33 කින් අඩු කිරීමක් අද බලාපොරොත්තු වෙනවා - සමගි වෘත්තීය සමිති සන්ධානය  

Published in පුවත්
Friday, 17 January 2025 10:20

විදුලි බිල සියයට 33ක අගයකින් අඩු කිරීමක් අද (ජන. 17) බලාපොරොත්තු වන බව සමගි වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ආණ්ඩුවට ඉතිහාසයේ වැඩි ම අගයකින් විදුලි බිල අඩු කිරීමට අවස්ථාව පවතින බව ත් එම වෘත්තීය සමිති සන්ධානය මතු කරයි.

සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කොළඹදී පෙරේදා (ජන. 15දා) මාධ්‍ය වෙත මේ බව පැවැසුවේය.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව 2023 වසරේ ඩොලර් එකට රුපියල් රුපියල් 367ක් ගෙවන අවස්ථාවේ දී බොර තෙල් බැරලයක මිල ඩොලර් 110ට තිබූ බව ත් එහිදී විදුලි-බල මණ්ඩලයට දැවිතෙල් ලබා දුන්නේ අඩු මිලට බව ත් ඔහු පැවසීය.

අද වන විට ඩොලර් එකට වටිනාකම රුපියල් 296ක් බවත් බොර තෙල් බැරලය ඩොලර් 75ක් බව ඔහු කීය.

මේ අනුව ජනතාවට එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සතුටින් සැමරීම සඳහා බිල අඩු කිරීමක් ආණ්ඩුවෙන් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us