රටේ පාලකයා අනුමත කරන්නේ දුෂිත දේශපාලන සංස්කෘතියක්

Published in පුවත්
Thursday, 18 September 2014 14:20
රටේ පාලකයා අනුමත කරන්නේ දුෂිත දේශපාලන සංස්කෘතියක් බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසීය.
 
ඔහු මේ අදහස් පළ කළේ බිබිල නගරයේ පැවති ජන හමුවක් අමතමිනි.
' ගහපල්ලා, මරපල්ලා, බය කරපල්ලා, ගිනි තියපල්ලා, ආධාර කරුවන්ට අරක්කු දීපල්ලා, කොහොම හරි මැර බලයෙන් බලයේ හිටපල්ලා. ඒක තමයි මේ රටේ පාලකයාගේ දේශපාලන දර්ශනය. ඒක සදාචාරයක් තියෙන රටකට ගැළපෙන්නේ නැහැ. මේ දුෂිත ක‍්‍රම වේදය නැවැත්විය යුතුයි. රට විනාශ වෙලා තියෙන්නේ. රටේ පාලකයන්ගේ හා ඇතැම් මැතිවරුන්ගේ දුෂිත හැසිරීම නිසයි'
 එහිදී ෆොන්සේකා මහතා මෙසේ ද පැවසීය.
 
‘අපිත් ඔය ප‍්‍රබලයන්ගේ දෑත් ශක්තිමත් කරන්න ගියා නම් සැප සම්පත් ඇතිව ජීවත් වෙන්න තිබුණා. නමුත් අපි තිබුණු දේවලූත් පරිත්‍යාග කළා. මට ලේකම් ධූර තුනක් දුන්නා. ආරක්ෂක ලේකම් දෙකට කඩලා භාගයකුත් දුන්නා. අපට පුළුවන් තරම් සලකන්න හැදුවා. අපි කිව්වා රට විනාශ කරන තැන්වල අපට ඉන්න බැහැ කියලා. අපිට ජනතාව රවට්ටන්න බැහැ. අපිට තමුන්නාන්සේලාට බොරු කියන්න බැහැ. ඊට වඩා හොඳයි රටෙන් පිට වෙලා යන එක. අපි අපේ බලවේගයට අලූත් අපේක්ෂකයො තෝරා ගෙන ඉන්නවා. ඔවුන් තමුන්නාන්සේලා අතර ජීවත් වෙන අයයි'.
 
 තමුන්නාන්සේලා නොකා නොබී බදු ගෙවන ජනතාවක්. නහයෙන් කටෙන් බදු ගෙවනවා. තමුන්නාන්සේලා බදු ගෙවන්නේ නැත්තේ හුස්ම ගන්න විතරයි. මේ කඩයක් ඇතුළට ගිහිල්ලා එළියට ආවොත් බදු ගෙවලා තමයි එළියට එන්නේ’ යනුවෙන් ද පැවසුෙව්ය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us