අස්වැසුම ලැබුනේ නැති අයට සුබ ආරංචියක්

Published in පුවත්
Tuesday, 21 January 2025 13:36

අස්වැසුම ආධාර ක්‍රියාවලිය සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂන සූරියප්පෙරුම මහතා පවසයි.

අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අස්වැසුම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ඇති නමුත් තවමත් ඒ සඳහා ප්‍රතිලාභ නොලැබූ අයවලුන්ට සහන ලබාදීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.

අස්වැසුම ප්‍රතිලාභ ක්‍රියාවලිය සවිස්තරාත්මකව සමාලෝචනය කරමින්, සුදුසුකම් ඇති නමුත් ප්‍රතිලාභ නොලැබූ අයවලුන්ට සහන ලබාදීම තහවුරු කිරීම සඳහා පද්ධතිය හරහා තොරතුරු පරීක්ෂා කරමින් සිටින අතර විශාල පිරිසක් අභියාචනා ඉදිරිපත් කර තිබෙන බව අමාත්‍යවරයා පැවසීය. 

ඒවා නිසි ක්‍රමවේදයකට අනුව සමාලෝචනය කිරීමට කටයුතු කරන අතර 2024 සඳහා වූ මුදලට සාපේක්ෂව වැඩි ප්‍රමාණයක් 2025 වසරේදී ලබාදීම බලාපොරොත්තු වෙමින් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us