සැපයුම්කරුවන් අතර තරගකාරීත්වයක් නිර්මාණය කිරීමෙන් ඖෂධ මිල පහළට

Published in පුවත්
Wednesday, 22 January 2025 09:56

ඖෂධ සැපුයම්කරුවන් අතර තරගකාරීත්වයක් නිර්මාණය කිරීම මගින් ඖෂධ මිල විශාල ලෙස පහළ දැමීමට හැකිවූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි පවසා සිටියි. 

ඒ අනුව පසුගිය කාලයේ ඇතැම් ඖෂධ සැපයීම සඳහා ලියාපදිංචි වී සිටියේ එක් සැපයුම්කරුවෙකු පමණක්වීම හේතුවෙන් වෙළෙඳපොළ ඒකාධිකාරීයක් පැවතීමෙන් එම ඖෂධ ඉහළ මිලකට මිලදී ගැනීමට රජයට සිදු වූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එක් සැපයුම්කරුවෙකු පමණක් සිටින ඖෂධ සඳහා නව සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම කඩිනමින් සිදු කළ බවත් ලියාපදිංචිය ඉල්ලා ඉදිරිපත් කර තිබූ ඖෂධ සැපයුම්කරුවන් 2800 ක පමණ ලිපි ලේඛන පරීක්ෂාව කඩිනම් කළ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එම සියලු සැපයුම්කරුවන් සුදුසුකම් පරීක්ෂාවෙන් අනතුරුව ලබන මාර්තු මාසයට පෙර ලියාපදිංචි කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

Last modified on Wednesday, 22 January 2025 10:10

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us