රජයේ වැඩිපිළිවෙළට අවනත නැති මෝල් හමුදා භාරයට

Published in පුවත්
Wednesday, 22 January 2025 19:34

මෙරට සහල් සම්බන්ධයෙන් රජය සතුව පැවති දත්තවල විශාල විකෘතිභාවයක් පවතින බවද, වසරක සහල් නිෂ්පාදනය හා පරිභෝජනය සම්බන්ධයෙන් දත්ත නොමැති අතර එවැනි රටක තීන්දු ගන්නේ කෙසේදැයි ගැටලු සහගත බවද ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

එබැවින් එළඹෙන කන්නයේදී වී ගබඩා කරන සියලු දෙනා වී අලෙවි මණ්ඩලයේ හා පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි විය යුතු බවත්, ඔවුන් වී තොග සම්බන්ධයෙන් සතිපතා වාර්තාවක් ලබාදිය යුතු බවත්, රජය දෙවැනියට වැඩිම ආයෝජනයක් කරන්නේ කෘෂි කර්මාන්තයට නිසා සහ වී යනු ජාතික දේපළක් වන නිසා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් රජයට අවශ්‍ය බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

එසේම රජයට වී තොග රැස්කිරීම සඳහා රුපියල් කෝටි 500 ක් වෙන් කරන බවද, එලෙස රැස් කරන වී තොග රජයේ සැලැස්ම අනුව නිකුත් කළහොත් ඉදිරියේදී මේ සඳහා රජයට මුහුණදිය හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

සහල් මිල උපරිම සිල්ලර මිලෙන් ඉහළට අලෙවි කිරීමට අවස්ථාව ලබා නොදෙන බවත්, රජයේ සැලැස්ම අනුව කටයුතු නොකරන්නේ නම් සහල් මෝල හමුදා භාරයට ගන්නා බවත්, එවිට ඔවුන්ගේම කළමණාකරුවන් හා සේවකයින් යොදාගෙන හමුදාවට තොරතුරු වාර්තා කළ යුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us