රටින් පොල් නොගෙනාවොත් පොල් ගෙඩිය රු.300 කට

Published in පුවත්
Thursday, 23 January 2025 08:57

පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය සඳහා අවම වශයෙන් පොල් මිලියන 100 ක් වත් කඩිනමින් ආනයනය කිරීමට කටයුතු නොකළහොත්, කර්මාන්තකරුවන් වැඩි මිලට හෝ පොල් මිලදී ගැනීමට කටයුතු කිරීම නිසා වෙළෙඳ පොළේ පොල් ගෙඩියක් රුපියල් 250 ත් 300 ත් අතර මිලක් දක්වා ඉහළ යාමේ අවදානමක් ඇතිවිය හැකි බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකෝන් පැවැසීය.

කර්මාන්ත අංශය සඳහා පොල් ගෙඩි මිලියන 100 ක පොල් කිරි, ශීත කළ පොල් මද හෝ කැබලි කරන ලද වියළි පොල් කඩිනමින් ආනයනය කළයුතු බවට රජයට දැනුම්දී ඇතැයිද, රජයෙන් ඊට ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බවද සභාපතිවරයා පැවසීය.

කැබලි කරන ලද වියළි පොල් යොදාගෙන පොල් තෙල් නිෂ්පාදනය සඳහා යොදාගත හැකි බවද ඔහු කීවේය.

පොල් පර්යේෂණායතනයේ දත්තවලට අනුව ඉකුත් 2021 වසරේ සිට ඉකුත් වසර (2024) දක්වා වූ කාලය තුලදී මෙරට පොල් අස්වැන්නේ අඩුවීම ගෙඩි මිලියන 700 කට වැඩි බවත්, දැනටත් පවතින පොල් හිඟය හේතුවෙන් පොල් මිල ඉහළ ගොස් ඇතැයිද ඔහු කීවේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us