හිතාමතා වී සහතික මිල පමා කරනවා කී නාමල්ට එරෙහිව ගොවීන් මහ පාරට

Published in පුවත්
Wednesday, 29 January 2025 08:48

ආණ්ඩුව හිතාමතාම වීවලට සහතික මිලක් ලබා දීම පමා කළ බවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සිදුකර ඇති ප්‍රකාශයට ගොවි සංවිධානවල විරෝධය පළවී තිබේ.

මෙතෙක් ඉතිහාසයේ කිසිදු කෘෂිකර්ම ඇමතිවරයෙකු මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බව ත් කඩිනමින් සහතික මිලක් ප්‍රකාශයට පත් නොකළහොත් ආණ්ඩුවට විරුද්ධව ගොවි ජනතාව මහමග විරෝධතාවලට යොමුවන බව ත් එම සංවිධාන නියෝජිතයෝ පවසති.

ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේ වීවලට සහතික මිලක් ප්‍රකාශයට පත් නොකර අවම මිලක් ලබාදෙනවා යැයි කියමින් ගොවි ජනතාව නොමඟ යැවීමට කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිවරයා උත්සාහ කරන බව ය.

පෞද්ගලික අංශය තෙත වී කිලෝවක් රුපියල් 140ට මිල දී ගන්නා බවට ඇමතිවරයා අසත්‍ය ප්‍රකාශයක් සිදුකර ඇතැයි කී තෙන්නකෝන් මහතා වෙළෙන්‍ෙදෝ මහ කන්නයේ වී තොග රුපියල් 90-95 වැනි මිලකට ගොවීන්ගෙන් ලබා ගනිමින් සිටින බව පැවසීය.

ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් ආණ්ඩුව මෙවර අවම වී මිල ප්‍රකාශයට පත්කිරීම හිතාමතා ම පමා කළ බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න කොළඹදී පසුගිය දා (ජන. 27) පැවසීය.

පෞද්ගලික වෙළෙන්දන් තෙත වී කිලෝවක් රුපියල් 140ක් හා වියළි වී කිලෝවක් රුපියල් 160ක් බැගින් මිල දී ගෙන තිබෙන බව කී නියෝජ්‍ය ඇමතිවරයා ගොවියාට දැනට වී මිල හෝ වී අලෙවි කිරීම පිළිබඳව ගැටලුවක් ඇති වී නැති බව ත් මෙම පරිසරය තුළ රජය අවම මිලක් ප්‍රකාශයට පත් කළ හොත් වී මිල අඩුවන බව ත් සඳහන් කළේය.

රජය මිල දී ගන්නා වී තොග අලෙවි නොකර සහල් නිෂ්පාදනයට යොදවන බව ත් එවිට පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාදිය හැකි බව ත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

පොහොර සහනාධාරය අතහැර ගොවියා වී නිෂ්පාදනයට වැය කරන මුදලට සියයට 30ක් එකතු කර ඉදිරියේදී අවම වී මිල තීරණය කරන බවද ඔහු කීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us