ලෝක ආහාර වැඩසටහනෙන් දිළිඳු පවුල් සහ දරුවන්ට බෙදාදීමට ලැබුණු මෙට්‍රික් ටොන් 1556ක ආහාර නොබෙදා විනාශ කරලා. Featured

Published in පුවත්
Sunday, 02 February 2025 19:02

ලෝක ආහාර වැඩසටහන යටතේ දිළිඳු පවුල් සහ පාසල් දරුවන්ට බෙදාදීම සදහා 2023 වසරේ මෙරටට ලැබුණු සහල් රට ඉඳි සහ පරිප්පු මෙට්‍රික් ටොන් 1556ක ප්‍රමාණයක් වේයන්ගොඩ රජයේ දිසා ගබඩාවේ දිරාපත් වෙමින් පවතින බව එහි කළ නිරීක්ෂණ චාරිකාවකදී අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය පිළිබඳව හෙළි වීමෙන් පසුව ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනිර් මවුලර් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්මාපලගම යන මහත්වරුන් ප්‍රමුඛ කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයෙදී මේ බව හෙළි විය.

වේයන්ගොඩ දිසා ආහාර ගබඩාව තුළ තිබී හමුවු මෙම ආහාර ද්‍රව්‍ය මේ වන විට මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයෙන් පවතින බව පෙනී යන නිසා ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා බව මහජන නියෝජිතයෝ මෙහිදී සඳහන් කළහ.

2023 වසරේ මෙම ගබඩාවට ගෙන එන ලද මෙම ආහාර ද්‍රව්‍ය වලින් යම්කිසි ප්‍රමාණයක් ඒ ඒ අවස්ථාවන්හි දී පාසල් සිසුන් හා ජනතාව අතර බෙදා දීමට පියවර ගෙන ඇතැයිද පාසල් නිවාඩු කාලය එළඹීමෙන් පසු ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම වැළකී ඇති බවද මෙහි දී නිලධාරීන් මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්හ. මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් පරිප්පු සහ රට ඉඳි කිලෝ මෙට්‍රික් ටොන් 1556 ක් මේ වන විට ගබඩාවේ පවතින බව නියෝජ්‍ය ඇමතිවරයා හා මන්ත්‍රීවරයා ලේඛන පරීක්ෂා කිරීමේදී අනාවරණය කරගනු ලැබීය.

කෙසේ නමුත් මෙය ආහාර දිළිඳු පවුල් සහ පාසල් දරුවන්ට බෙදාදීම සම්බන්ධයෙන් වගකීම පැවැරී තිබු රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම් විරහිතභාවය නිසා සිදුව තිබෙන අපරාධයක් බව පැහැදිලිය. ලෝක ආහාර වැඩසටහන, වෙනත් සංවිධාන සහ රාජ්‍යයන්ගේ පසුගිය ආණ්ඩු සමයේදී මෙරට ජනතතාව මුහුණ දුන් පෝෂණ හා ආහාර ගැටලුවට විසඳාගැනීමට සහය ලබා ගැනීම සිදු වූූවද රාජ්‍ය නිලධාරීන් තමන්ගේ වගකීම් ඉටු නොකර පැහැර හැරීම මත පීඩාවට පත් වූයේ අසරණ ජනතාවය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us