ලුණු මිල ඉහළ දමයි    

Published in පුවත්
Thursday, 06 February 2025 15:39

ආනයනික ලුණු සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් ලුණු මිල ඉහළ දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල් 120 දක්වා රුපියල් 20 කින්ද ලුණු කැට කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 180 දක්වා රුපියල් 60කින්ද මිල ඉහළ නංවා ඇත.

කෙසේ වෙතත් මෙම මිල වැඩි කිරීම තාවකාලික තීරණයක් බව හම්බන්තොට ලුණු සමාගම සඳහන් කළේය.

මෙරට වාර්ෂික ලුණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ටොන් ලක්ෂ 02ක් වන බව සඳහන්ය. පසුගිය වසරේ අවසන් කාර්තුවේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට ලුණු නිෂ්පාදනය පහත වැටුණි.

මේ හේතුවෙන් ලුණු ආනයනය කිරීමට රජය තීරණය කළ අතර ඒ අනුව ඉන්දියාවෙන් ලුණු මෙට්‍රික් ටොන් 12,000 ක් ආනයනය කර ඇත.

එහෙත් මෙම ආනයනය තාවකාලික බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේය.

එළඹෙන මාර්තු මාසය වන විට හම්බන්තොට ලේවායේ ලුණු නිෂ්පාදනය සිදු කෙරෙන බැවින් ගැටලුවකින් තොරව දේශීය ලුණු සැපයීමට හැකි වනු ඇති අතර මාර්තු මාසයේදී හම්බන්තොට ලුණු ලේවායේ ලුණු අස්වැන්න ලැබුණු වහාම ලුණු මිල අඩු කරන බවත් සභාපතිවරයා පැවසීය.

හම්බන්තොට ලංකා ලුණු සමාගමට අයත් ලේවායන් මගින් මෙරට ලුණු අවශ්‍යතාවයෙන් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us