ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් මෙරට ඉන්ධන වෙළඳාමෙන් ඉවත් වෙයි  

Published in පුවත්
Saturday, 08 February 2025 15:39

ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරට මෙහෙයුම් කටයුතු නවතා දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව පසුගිය ජනවාරි මාසයේ සිටම අදාළ සමාගමේ මෙහෙයුම් කයුතු සිදුකර නොමැති බව සඳහන් ය. විදෙස් සමාගම් සඳහා මෙරට ඉන්ධන අලෙවි කටයුතු සිදු කිරීමට එවකට පැවැති රජය පියවර ගෙන තිබුණි.

ඒ අනුව චීනයේ සයිනොපෙක් සමාගම, අමෙරිකාවේ ආර්. එම්. පාක්ස්. සහ ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරට තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබීය. එක් සමාගමට ඉන්ධන පිරවුම්හල් 150 බැගින් මෙරට තුළ ඉන්ධන පිරවුම්හල් 450ක මෙහෙයුම් කටයුතු ලබා දෙනු ලැබීය.

මේ වන විට සයිනොපෙක් සමාගම සහ ආර්.එම් පාක්ස් සමාගම ගැටලුවකින් තොරව මෙරට තුළ ඉන්ධන අලෙවි කටයුතු සිදුකළද ඔස්ට්‍රේලියානු සමාගම සිය මෙහෙයුම් කටයුතු නවතා දමා ඇති බව සඳහන් වේ. අදාළ ගිවිසුමේ පවතින ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ඔවුන් මෙලෙස සිය මෙහෙයුම් කටයුතු නතර කර ඇති බව වාර්තා වේ.

යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම 2024 දෙසැම්බර් මාසයේදී, මිලකරණය සහ මෙහෙයුම් තත්ත්වයන් පිළිබඳව පවතින දුෂ්කරතා හමුවේ ඉන්ධන සැපයුම් නතර කර තිබිණි. එම සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කර තිබුණේ, වසර 20 ක ආයෝජන මණ්ඩල ගිවිසුමක් අත්සන් කර ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ විකුණුම් සඳහා ඩොලර් මිලියන 27.5 ක් ආයෝජනයක් සිදු කරමිනි. එම ආයෝජනය එවකට ප්‍රශංසාවට ලක්ව තිබුණේ ශ්‍රී ලංකාවට පැමිණීම සලකන ලද්දේ ඉන්ධන වෙළඳපොළ විවිධාංගීකරණය කිරීමේ දැවැන්ත පියවරක් ලෙසය.

එම ගිවිසුමට අනුව වසර 20කට ආසන්න කාලයක් යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමට මෙරට තුළ ඉන්ධන අලෙවි කටයුතු සිදුකළ හැකි වුවද ඔවුන් වසරක් ගතවීමට ප්‍රථම මෙරට මෙහෙයුම් කටයුතු නතර කිරීමද විශේෂත්වයකි.

කෙසේ නමුත් මෙම තත්වය මෙරට විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම කෙරෙහි අයහපත් බලපෑමක් සිදු කෙරෙනු ඇත.

මේ අතර අදාළ සමාගම විසින් මෙහෙයුම් කටයුතු නතර කිරීම පිළිබඳව ලිපියක් මගින් දැනුවත් කර ඇති බවත් සඳහන්. මේ සම්බන්ධයෙන් එම සේවකයින් පවසන්නේ තමන් මීට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us