පන්තියක සිසුන් සංඛ්‍යාව 35 දක්වා අඩු කිරීමේ යෝජනාව සලකා බලනවා - හරිනි

Published in පුවත්
Monday, 10 February 2025 09:40

පන්තියක සිසුන් සංඛ්‍යාව තිස්පහ දක්වා අඩු කිරීමට කර ඇති යෝජනාව සලකා බලන බව අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයට දැනුම් දී තිබේ.

අගමැතිනිය මෙම දැනුම් දීම කර ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් එම වෘත්තීය සමිති සන්ධානය සහ අගමැතිනිය අතර පැවැති සාකච්ඡාවේ දී ය.

රජයේ පාසල්වලට ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මෙම සාකච්ඡාවේ දී කරුණු දක්වා ඇත්තේ කොළඹ කලාපයේ පාසල්වල සිසුන් අඩු වීමට අදාළ තොරතුරු ද ඉදිරිපත් කරමිනි.

මෙම වසරේ එක ශ්‍රේණියට සිසුන් පහට අඩුවෙන් ඇතුළත් වූ පාසල් විසි දෙකක් ද සිසුන් හයත් දහයත් අතර සංඛ්‍යාවක් එක ශ්‍රේණියට ඇතුළත් වූ පාසල් විසි පහක් සහ සිසුන් විස්සට අඩුවෙන් ඇතුළත් වූ පාසල් පනහක් තිබෙන බව ප්‍රධාන ලේකම්වරයා මෙහිදී පෙන්වා දී ඇත. එමෙන් ම පන්තියක සිසුන් සංඛ්‍යාව තිස්පහකට සීමා කිරීම සඳහා පවතින ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අක්‍රීය කර තිබීම සම්බන්ධයෙන් ද කරුණු දක්වා තිබේ.

පාසල්වල සිසුන් සංඛ්‍යාව මෙවැනි තත්ත්වයක තිබිය දී ජනප්‍රිය පාසල්වලට හා පෞද්ගලික පාසල්වලට ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව සීමා කිරීමට කටයුතු නොකළහොත් සිසුන් අඩු පාසල් වැසී යාම නොවැළැක්විය හැකි යැයි ද ලේකම්වරයා පෙන්වා දී ඇත.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us